.............
....
...දැවැන්ත වගකීම් සමූහයක් ආරක්ශා කර ගැනීමේ මහා වික්‍රමාන්විතය දියත් වී හමාරය... මවගේ ගැබ තුල නිධන්ගත වූ සැනින් රාජ්‍යත්වයේ බර ඔටුණු සිහසුන වැටුණු ආත්මය....
ඉදින් ගැලවී යාමක් නොමැත... ගැලවී යාමට අදහසක්ද නොමැත......
ගාවෝර් රාජධානියේ මීළග කිරුළු හිමි පුත් කුමරාගේ විසි වැනි ජන්ම දිනය... ඉදින් මුළු රාජධානියම උත්සවශ්‍රීයෙන් බැබළෙන අයුර නොදැකීම කුමන අභාග්‍යක්ද.......
අනු ප්‍රාන්ත රාජ්‍යන්ගේ රාජ්‍ය තාන්ත්‍රිකයන්ට කළ ආරාධනා මධ්‍යයේ ගාවෝර් රාජධානිය මගුල් මඩුවක් වී හමාර මොහොතක නොබෝ දිනකින් කිරුළ දැරීමට උරුමකම් කියන්නාවූ ගාවෝර් රාජධානියේ දැනට පාලක වූ "ශෛල්‍ය ධෛර්යවේද් " රජුගේ පළමු පුත් වූ " ආශ්ය මන්ධීර් ධෛර්යවේද්" කුමරු දිව්යරාජයෙක් බදුව රූපශ්‍රීයෙන් අගතැන්පත් වී හමාර මොහොතක, සියලු දෙනාගේ නෙත් ආසාවෙන් .... දැඩි ආසාවෙන් බලා සිටිනුයේ කුමරුගේ සම්ප්‍රාප්තියම වූ කළ කුමරුද බලා සිටින්නවුන්ගේ නෙත් සිත් වික්ශිප්ත කිරීමට මෙන් සැරසී කැඩපත අභිමුව උන්නේ තමාටම ආවේනික වූ ආඩම්බරකාර ස්වරූපයේ සිනහව ආරූඩ කර ගනිමින්....
YOU ARE READING
♡🥀....අධ්යාශ්ය...🥀♡
Fantasía🥀♡.. මාරුතයක ගමන් ගිම කෙළවරක නැවත හැරී බලන විට මතකයක් පමණි නුඹ...♡🥀