🥀 තෙවන හමුව 🥀

19 5 5
                                    

.........

සියල්ලන්ම පිටත් කොට යවා  ඕශ්‍ය කුමරු මන්දිරයේ  දොරටුව අසළ සිටියේ   ධ්‍යාශ් කුමරු එන තුරු...

පැහැදිලි අහසේ සද එලිය  සමග  තරුත් රටා මවන විට   ඕශ්‍ය කුමරුගේ සිතැදුනේ  තාරකා අතර සද මෙන් බැබළුන  දිශාලී කුමරියගේ මනස්කාන්ත රූපය...

පැහැදිලි අහසේ සද එලිය  සමග  තරුත් රටා මවන විට   ඕශ්‍ය කුමරුගේ සිතැදුනේ  තාරකා අතර සද මෙන් බැබළුන  දිශාලී කුමරියගේ මනස්කාන්ත රූපය

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

🍃දීශාලි  ඒශ්‍යා ශ්වාස්ත්‍රවේද් 🍃
( නිරිත දිශා පාලක ශ්වාස්ත්‍රවේද්ගේ  උප බිසවගේ වැඩිමහල් දියණිය )

" සද දෙස බලා...
තරු දෙස බලා... 
ඒ සිතනුයේ
ගැන ඒශ්‍යා..
මා දන්නවා... මා දන්නවා...
අයියණ්ඩියේ මා දන්නවා...
නුඹ ඒශ්‍යා, මල යශෝවී
ගැන සිතනවා...
මා දන්නවා... ...  ආව්ච්......"

කවියක් කියන්නා සේම පද  තාල අමුණමින්  ධ්‍යාශ් අයියණ්ඩිය වූ ඕශ්‍ය ළගට පා තැබූ විට ඕශ්‍යගේ දැහැන බිදුනා පමණක් නොවේ  ඕශ්‍ය රිදෙන්නට හෝ කියා ධ්‍යාශ්ගේ හිසට පහරක් එල්ල කලා...

" නැවත.. වේද්‍ය.. කුමක්ද ඔය කඩමාලූ..."

" කඩමාලූ නොව වස්ත්‍ර..."

" නුඹව  ධෛර්‍යවේද් මන්දිරයේ මෙහෙකාර සේවයට විකුණා  මුදල් ලබා ගැනීම රිසීයී "

" ඕ හෝ.. කදිමයි.. එසේ නම් මා   අභිශේක ලත්  පළමු කුමරුගේ  මන්දිරයේ මෙහෙකාර සේවයට යොදවනවාද අයියණ්ඩී....  එක් කොන්දේසියක් ...."

"කුමක්ද...."

ඕශ්‍යගේ බැරෑරුම් පෙනුම පවා වෙනස් වුනේ ධ්‍යාශ්ගේ කතාවට...

"  විකුණන මුදකින් අඩක් මා හට අඩක් අයියණ්ඩියට...."

"  නුඹව නම් මුදල් සමග දුන්නත්  ආශ්‍ය භාර ගනීවි යැයි මට සැකයි.. ආශ්‍ය යනු බුද්ධිමත් තැනැත්තෙකි...."

♡🥀....අධ්‍යාශ්‍ය...🥀♡Where stories live. Discover now