......
....
..............දිශා රාජ්‍යන් දෙකක අභිසෙස් ලද කුමාරවරු දෙදෙනා කුළුපග කතාවක නිරත වූයේ ඔවුන්ගේ කුඩා කල අත් දැකීම්ද නැවත බෙදා ගනිමින්....
ඒ අසළම පළතුරු ගසකට නැග යුධම් කුමරු සමග සිනහ වෙමින් පළතුරු කඩන ධ්‍යාශ් කුමරු ද ඔවුන්ගේ කතාවේ ප්‍රධාන මාතෘකාවක් වූවේ අහම්බයෙන් නොවේ...
යුධම් කුමරු නම් කුමර තේජස විදහාලමින් ඉතා තැන්පත් ලෙස සිනාසෙමින් පළතුර අනුභව කළද ධ්‍යාශ් කුමරු ගසෙහි අතු පතර මත පුරුදු කරුවකු ලෙඩ එහා මෙහා වෙමින් ශබ්ධ නගා සිනා සෙමින් පළතුරු කඩමින් විටෙක ගසේම ඇති පළතුර ආහාරයට ගනිමින් හැසිරුණේ කුඩා දරුවෙක් මෙන්...
" ඔහුට නුඹම ප්‍රශංසා කළ යුතු නොවේද..."
ඕශ්‍ය කුමරුද යුධම් සහ ධ්‍යාශ් කුමරු සිටිනා ස්ථානයට යාමට පය තැබූ විට ආශ්‍ය කුමරුද සිය නිතුරු කුමරා සමග ඒ දිශාවට ගියේ ධ්‍යාශ් කුමරුවන්ට කෙසේ නම් ප්‍රශංසා කරන්නේද යන්න සිතමින්...
" ඔ. හෝ අයියණ්ඩිය... අල්ලගනු..."
පළතුරු ගෙඩියක් කටෙන්ද අල්ලාගෙන එකක් ඕශ්‍ය දෙසට දැමූ ධ්‍යාශ් තවත් පැණි බේරෙන පළතුරු ගෙඩියක් පරිස්සමට අතෙහි රදවන් ගසෙන් බිමට පැන්නේ ආශ්‍ය ගැස්සී ඒ දෙස බලා සිටියදී..
" ම්ම්ම්ම් ....."
" මා හට......???..."
" න්ව් නව් නව් භ් හ්හ්...."
" කුමක්ද.....???.."
යුධම් කුමරු මේ අග්නිප්‍රත් රාජ්‍යට පැමිණි පළමු දිනයයි... ඉදින් තම රාජ්‍යට වඩා හාත්පස වෙනස් රාජ්‍යයේ ඈතින් පෙනෙන දිය ඇල්ල දෙස නෙත් යොමාගෙනම ඒ දෙසට ඇවිද යද්දී මාර්ගෝපදේශය දීමේ අධිටනින් සිය මලනුවන් සහ ආශ්‍ය කුමරු එම ස්ථානයේ සිටියදී යුධම් හා එකතු වී ඕශ්‍ය කුමරු ඉදිරියට යන්න ගියේ රිසි සේ මලනුවන්ට ප්‍රසංසා කිරීමට කුමරුට ඉඩ හසර ලබා දෙමින්..
නමුත් රතු කහ පැහැයෙන් දිලිසෙන ඉදුණ පළතුර ආශ්‍ය දෙසට දිගු කර ධ්‍යාශ් පැවසීමට උත්සහ කරන කිසිවක් ආශ්‍යට නොතේරීම අරුමයක් නොවේ... මේ වන විටත් ධ්‍යාශ්‍යගේ මුඛයේ පැනි බේරෙන පළතුරක් සිර වී ඇතු නිසාවෙන්
YOU ARE READING
♡🥀....අධ්‍යාශ්‍ය...🥀♡
Fantasy🥀♡.. මාරුතයක ගමන් ගිම කෙළවරක නැවත හැරී බලන විට මතකයක් පමණි නුඹ...♡🥀