මාවත් එක්කරගෙන කැන්ටිමට ආව රවිහාර මටත් එක්කම කෑම අරගත්තා.
" සර්ට දැන් ෆ්රී පීරියඩ් එකක් තියනවදෙ?.. "
" ම්ම්.. ඒකනෙ මම මෙතන ඉන්නෙ. "
" ම්ම්.. "
එයා අරන් තිබ්බෙ රොල්ස් දෙකයි ප්ලේන්ටි දෙකයි වෙද්දි මම රොල්ස් එක අතේ තියන ඈත පේන ඉස්කොලේ ග්රවුන්ඩ් එකේ ක්රිකට් ප්ලේ කරන ඒ ලමයි දිහා බලන් ඉදියා. එයාලා මහා දවල් කට්ට අව්වෙත් ප්රැක්ටිස් කරනවා.
" ඕක කන්න. "
" ආ.. "
" ඕක කන්න කියලා කිව්වෙ. "
" තෑන්කස් සර්. "
මම එහෙම කියලා රොල්ස් එකෙන් කෑල්ලක් කෑවා. රහයි.. කිසිම කතා බහක් නැතිව එයා රොල්ස් එක කද්දි මම ඒ උඩ පහල යන උගුරු දන්ඩ දිහා බලන් ඉදියා. ඒත් එක පාරටම එයා මට කතා කලා.
" සර් කසාද බැදලාද?.. "
" ආ.. "
" ම්ම්.. "
" මොකක්ද සර් ඇහුවේ.. "
" මම ඇහුවේ සර් කසාද බැදලාද කියලා. "
" ආ.. තාම නැහැ. "
" එතකොට කාට හරි ආසරය කරලා තියනවාද?.. "
" තාම නැහැ. එතකොට සර්. මම හිතන්නෙ දැන් සර්ට O/l කරන වයසෙ දුවෙක් හරි පුතෙකක් හරි ඉන්න ඕනි. "
මම එහෙම කියද්දි බිබි ඉදිය තේ එකත් රවිහාරට ඉස්මොලේ ගියා. මම ඉක්මනට ඒ පිටට අතගෑවා.
" කැහ්.. කැහ්.. ස්ම්.. මො-කක්.. කැහ්.. "
" ඇයි නැද්ද?.. නැත්නම් සර්ට කසාද බන්දලා දෙන වයසෙ ලමයෙක්ද ඉන්නෙ.. දෙවියනෙ සර්.. ඒ වයසෙ ලමයෙක් ඉදියාට සර්ගෙ වයස පේන්නෙ O/l කරන වයසෙ ලමයෙක් ඉන්නවා වගේනෙ. සර්ගෙ තරුණ බවේ රහස මොකක්ද?.. "
දන්නෙ නැහැ මම මේ විදිහට විහිළු කරන්නෙ මගේ හිතට සමීප අයත් එක්ක විතරක් වෙද්දි රවිහාරවත් මට එහෙම දැනුනා. එදා කේන්තියෙන් එයා කෑ ගැහුවේ එයාගෙ හිත හොද නිසානෙ. මම ඒ විදිහට විහිළු කරගෙන යද්දි මගේ දිහා බලන් කැහැපු එයා මගේ දිහා බලන් ඉදියා.
" ඒ තරම් නාකියට පේ-නවාද මා-ව ස්ම්.. අවුරුදු 30යි මට තාම බැදලා තියා ලව් එකක්වත් නැහැ මට. "