හත්වන පරිච්ඡේදය🥀

20 3 0
                                    


උබත් නුවර පොළවටම අයිති වුනා නේද අයියෙ. මම බලන් ඉදියා හැගීම් දැනීම් නැති සයිකෝකාරයෙක් වගේ එයාගෙ මිනි පෙට්ටිය දාලා තියන හැමෝටම අවසානයේ උරුම වෙන ඒ අඩි හයේ වල දිහා මම බලන් ඉදියා. කදුළු හිදිලා අඩලාම හිදිලා. වචන නැහැ මම මරලා දැම්මා.

" මිහිඳු.. මිහිඳු.. "

ආ.. මිහිඳු ඌ අතීතයට අයිති මිනිහෙක් විතරයි උගෙ ආදරයත් එක්කම අඩි හයක් යට වැලලුනු මිහිඳු ගැන නම් උබ කතා කරන්නෙ සමාවෙයන් කසුන් අයියෙ එහෙම එකෙක් දැන් නැහැ ඌ මැරිලා මම බලන් ඉදියා ඒ මිනි වලේ තියන මිනි පෙට්ටිය දිහා.

" මිහිඳු පස් පිඩක් අරන් දාපන්. "

පස් පිඩක් නෙමෙයි බොලව් මාවත් දාපියව් ඔය වලට. දාලා වහපියව්. සාප කරනවා මම උබට ස්භාදම් මාතාවනී සාප කරනවා. උබ අහපු මේ නඩු තීන්දුව වැරදියි කියලා උබ පිලිගන්නවාද?.. අද කීයක් නම් මිනිස්සු කදුළු බොනවා ඇතිද බොලව් යුද්ධය නිසා කදුළු බීපු මිනිස්සු අද උබ නිසාත් කදුළු බොද්දි උබට හරි සතුටු ඇති. කසුන් අයියා බලෙන්ම පස් පිඩක් අරන් ඒ වලට දැම්මා. ගල් පිලිමයක් වගේ මම හිටගෙන ඉන්නවා වල ලග. එක දෙක සවලෙන් උදැල්ලෙන් මිනි පෙට්ටිය උඩට පස් පිඩවල් වැටෙද්දි රවිහාර රාජපක්ෂ නුවර පොළව යට සුවබර නින්දකට යන්නයි හදන්නෙ.

" උබට මම හරි ආදරෙයි අයියේ.. "

හතර වටින් අහසත් කළු කරන් එද්දි. උබ ශොක වෙන්නද හදන්නෙ. වැහි බින්දු එකින් එක පොළවට කඩාගෙන වැටෙද්දි වල වහලා ඉවර වෙනවාත් එක්කම ස්භාදහමත් අඩන්න ගත්තා. නවත්තපන් උබේ ඔය බොරු අඩවැඩියාව සේරම කරලා දැන් ශෝක වෙන්න තරම් උබ නිර්දෝශියි කියලා නම් ඔය ඔප්පු කරන්න හදන්නෙ ස්භාදම් මාතාවනී උබට වැරදිලා උබ කරේ පවක් කියන එක මතක තියා ගනිම්. වැහි බිදු වලට මාව තෙමිලා යද්දි මම වහල ඉවර වෙච්ච ඒ වල දිහා බලන් ඉද්දි වැස්සට නොතමෙන්න මාවත් ඇදගෙන යන්න හැදුවා. එතනම තිබ්බ ගහකට අකුනක් වැදිලා ගහ ගිනි ගනිද්දි අප්පච්චි මාව තව තවත් ඇද්ද යමන් කියලා. දණින් වැටුනා ඒ වල ලග. අප්පච්චිගෙ අත ගසලා දාලා මම ගුලි වුනා ඒ වල ලග. දෑතින්ම බදාගෙන මගේ ඇග මගේ කටින් පිට වුනෙ එකම එක වචනයයි.

TSUNAMIWhere stories live. Discover now