CRUSH ❣️ episode 14

2 1 0
                                    

ඉතින් මේ වෙද්දි චේත්නට අර මිස් කෝල් එකයි මැසේජ් එකයි ඇවිල්ලා දවස් දෙකක් උනා වගේම මේ වෙද්දි චේත්නයි එයාගෙ අම්මයි පොලීසියේ ආරක්ශාව යටතේ ඉන්නෙ. ඔය අතරේ ඒ චේතුගේ අදහසුත් එක්ක පොලීසියේ අය මේ ඝාතකයව හොයන්න හැදුවත් ඒ ප්ලෑන් එක හරි ගියේ නැති නිසාම පොලීසියෙන් එයාලගෙ detective ටීම් එකට ඒක දෙන්න letter එක ගැහුවා.

⫸ සර්.... ඩිටෙක්ටිව්ස්ලා මොකද කිව්වේ.

⚘ එයාලට මුලින්ම ඊ මේල් එක දැම්මා. ලෙටර් එක සයින් වෙලා යද්දී පරක්කුයිනේ චේත්න. බලමුකෝ. අද රෑට එයාලා ඉන්ෆෝම් කරන්නම් කිව්වා.

චේත්න එයාගේ ඉහල නිලදාරියෙක් එක්ක රූම් එකේ ෆෝන් එකෙන් මේ කතා කරන්නේ මේ මර්ඩර් කේස් එක බාර දුන්නේ කාටද කියන එක ගැන.

⫸ මොන කෝඩ් එකද දන්නෑ නේද සර්

⚘ ම්ම්....මං හිතන්නේ වෙස්ට් ටීම් එකට චේත්න. මොකද එයාලා හරිම ෆාස්ට්.

⫸ හරි සර්.

⚘ ආ.. චේත්න..... මට දෙයක් තියනවා අහන්න.. අම්මයි ඔයයි ඇරුනම ඔයාට හිතවත්, ලගින්ම ආශ්‍රය කරන වෙන කවුරුවත් නෑ නේද ? නිකම් ගර්ල්ෆ්‍රෙන්ඩ් වගේ..

⫸ අපො නෑ සර්. මේ ජොබ් එකත් එක්ක ඔව්වා හිතන්න වෙලාවක් තිබ්බෙ නෑ මට.

චේත්න සර්ට සමු දීලා කෝල් එක කට් කරලා කල්පනා කලේ මේ මර්ඩර් කේස් එකට චේත්නව ගෑවුනේ කොහෙන්ද කියලා.

               ✩。:•.─────  ─────.•:。✩

මේ වෙද්දි යොමා හිටියේ හොද නින්දක් නැගිටලා දාලා යන්න ලෑස්ති වෙන ගමන්. මොකද හෙට විතරයි යොමා දාපු නිවාඩු දවස් ටික ඉවර වෙන්න තිබුනෙ. යොමා වොශ් එකක් දාගෙන එලියට ආවා විතරයි සිරිදාස කෑ ගහගෙන එනවා යොමාට ඇහුනා. ඒක නිසා යොමා ගැස්සිලා ගියේ පොඩ්ඩට කරදරයක්වත්ද දන්නෑ කියලා. ඇදන් ඉදපු සාළුව ගැනවත් නොහිතා යොමා පහලට දුවලා ගියා.

⫷ මොකද සිරිදාස මේ කෑ ගහන්නේ.

👨‍🦳 සර්ට කෝල් එකක්.

⫷ කෝ පොඩ්ඩා.

👨‍🦳 පොඩි බේබි කඩේට ගියා.

යොමා සිරිදාස දීපු ෆෝන් එකත් අරං ගාඩ්න් එකේ කොනටම ගියා.

Hai finito le parti pubblicate.

⏰ Ultimo aggiornamento: 3 days ago ⏰

Aggiungi questa storia alla tua Biblioteca per ricevere una notifica quando verrà pubblicata la prossima parte!

CRUSH ❣️ Dove le storie prendono vita. Scoprilo ora