"අම්මේ මන් යනවා"
එහෙම කියලා මන් අම්මට දණගහලා වැන්දා.
"යනවා නෙමේ ගිහින් එනවා කියන්න ඕනේ"
අම්මා එහෙම කියලා මගේ ඔලුව අතගෑවා.
"පරිස්සමින් ගිහින් වරෙන් මගේ පුතේ..."
අම්මා හැමදාම ඕක මට කියනවා. මන් නමින් ශවීන් දිනුල්‍ය සමරවීර.
මන් මේ යන්න ලෑස්ති වෙන්නෙ අද, සෙනසුරාදා AL ක්ලාස් එකට යන්න. මන් AL කරන්නේ maths වලින්, හැබැයි maths එක්ක IT. මට chemistry දිරවන්නේ නෑ. අගනුවරට ටිකක් ළඟ ජීවත් වෙන නිසා කවදාවත් මගේ ළමයින්ට කියන්න වෙන්නේ නෑ ඒ කාලේ අපි ඉගෙන ගත්තේ මෙච්චර දුරක් පයින් ගිහින්, කැලෑවල් අස්සෙන් ගිහින්, කටු පැදුරු අස්සේ බඩගාලා අරකයි මේකයි යැයි යැයි කියලා. මන් පන්ති වලට යන්නේ පයින් තමා හැබැයි උපරිම විනාඩි විස්සේ දුර. සාමාන්‍යයෙන් හැමෝම යනවා වගේ ලොකු ලොකු සර්ලගේ හෝල් ක්ලාස් නෙමේ මන් ගියේ. එච්චර ප්‍රසිද්ධ නැති, ඒත් දක්ෂ ගුරුවරු තුන්දෙනෙක් ලඟට මන් ඉගෙන ගන්න ගියේ. හැබැයි අර ක්ලාස් වල ගානටත් වඩා ක්ලාස් ෆීස් එකත් අඩු ද මන්දා. වෙන මුකුත් නෙමේ මට ඔය ළමයි ගොඩක් ඉන්න තැන් වල ගිහින් ඉගෙන ගන්න ටිකක් අමාරුයි. හැබැයි individual ක්ලාස් කරගන්නවත්, එකම විෂයට ගුරුවරු කීප දෙනෙක් ලඟට යන්නවත් මට සල්ලියක් තිබ්බේ නෑ. මොකද ගොඩක් වෙලාවට අම්මා තමා මට පන්ති සල්ලි දුන්නේ.
තාත්තා හිටියා කියලා එයාට ලොකුවට අපි ගැන ගානක් නෑ. තාත්තා කළේ වඩු වැඩ, හැබැයි සොච්චමක් හම්බ කරන වඩුවෙක් නෙමේ සාමාන්‍යයෙන් හොඳ ගානක් එයා හම්බ කරනවා. ඒත් ඉතින් ඇති වැඩක් නෑ, බීමත් කමට ලොල් වෙලා මට මතක හිටින කාලෙක ඉදන්ම වැටෙන්න ම ශොට් එක දාලා තමා ගෙදර එන්නේ. අපිට කන්න බොන්න යන්තං බඩු ටික ගන්න අම්මට කීයක් හරි දෙනවා එච්චරයි. මගේ අම්මා මේ මනුස්සයා එක්ක අවුරුදු විසි ගානක් ජීවත් උනාට තෑගි දෙන්න ඕනේ ඇත්තමයි. ආදරේ කරලා කසාද බැදලත් නෙමේ, කතා කරපු කරලා දුන්න කසාදයක්. අම්මා හැම තිස්සෙම කියන්නේ 'පුතේ උබල දෙන්න නැත්නම් මන් මෙලහකටත් මැරිලා ගිහින්, නැත්නම් ආරාමෙකට හරි ගිහින්' . ඔව් මට ඉන්නවා නංගි කෙනෙක්. ඒකි මන් වගේ නෙමේ, කෙල්ලෙක් උනාට කාටවත් බය නෑ. තාත්තා එක්ක උනත් රණ්ඩුක් වෙන වෙලාවට කට ගහන් යන්නේ. හැබැයි අම්මටයි, මටයි පණ ඇරලා. පොඩි අවුලකට තියෙන්නේ ඒකිට කේන්ති යන එක තමා. ඉතින් හැමදේකින්ම මන් තේරුම් ගත්තේ අපේ පවුල තාමත් රැකිලා තියෙන්නේ අපි දෙන්නා නිසා කියන එක. මොකද අපි අම්මට පුදුම තරම් ආදරෙයි. මොන දේ කරත් එයා ගැන හිතලා තමා අපි කරන්නේ. මට ගෙදරින් ගිහින් මොකක් හරි රස්සාවක් කරලා ජීවත් වෙන්න අනන්තවත් හිතිලා තියෙනවා. ඒත් මන් ඉගෙන ගන්නේ ඒක අපේ අම්මාගේ එකම බලාපොරත්තුව නිසා.
YOU ARE READING
නුඹ වෙනුවෙන්
Fanfictionමගේ ජිවිතේ හරියට ගහක් වගේ කවදාවත් මල් නොපිපුණු. බලාපොරත්තු, හීන කියන දේවල් මන් උපන් ගෙයිම මරලා දානවා. මොකද ඒව කවදාවත් මට උරුම වෙලා නෑ. හුස්ම වැටෙන නිසා විතරක් මන් ජීවත් වෙනවා. ~ ශවීන් දිනුල්‍ය සමරවීර මගේ ජිවිතේ ට එක එක මිනිස්සු ආවා ගියා. එකෙක්ට තේ...