පට්ට බඩගින්නක් එක්ක ඉක්මනට කන්න බලන් මන් ගෙදර එද්දී අපේ නංගී ඉන්නවා පාඩම් කර කර. කෙල්ල කොහොම උනත් මන් වගේ නෙමේ පාඩම් වැඩ සෑහෙන උනන්දුවෙන් කරනවා. මන් එහෙම නැතුවම නෙමේ හැබැයි මන් පාඩම් කරන්න ටිකක් කම්මැලියි. උගන්නන දෙයක් ඒ වෙලාවෙදීම ඔළුවට ගියොත් ගොඩේ ගොඩ. ඇත්තටම මන් එහෙම ගොඩක් දක්ෂ කොල්ලෙක් නෙමේ. හැමදේම ගානට බැලන්ස් කරපු කොල්ලෙක් කියනවා නම් ඒක තමා මට ගැලපෙන්නේ ම. ඒත් මගේ නංගි, ශෂිනි විනුල්‍යා හැමදේම සෑහෙන ගේමක් ගහල ගොඩ දාන කෙල්ලෙක්. ඔය දැන් දමාගෙන පාඩම් කරන්නේ ඕලෙවල් වලට 9As ගන්න. අයියට වඩා හොඳ රිසාල්ට් එකක්ලු ඕනේ.. මට A 7යි, B 2යි. තාම 10 වසරේ.. අනේ අපි නම් පාඩම් කළේ විභාගෙට කලින් දවසේ ...
"මොනවද ඕයි අම්මා කන්න හදලා ගිහින් තියෙන්නේ?? යකෙක් කන්න තරම් බඩගිනියි ."
"පරිප්පුයි හාල්මැස්සෝ තෙල් දාලයි හදලා තියෙන්නේ... ඔක්කොම කන්නෙපා තාත්තා කන්න ආවේ නෑ තාම"
"කෝ තාත්තා?? යාළුවෝ එක්ක සෙට් වෙන්න යන්නැති. මන් හිතුවා පේන්න නැති වෙද්දී..."
"හ්ම් වෙන්නැති. සරත් මාමා ඇවිත් එක්කන් ගියේ.. දැන් හිටගන්නවත් බැරි ගානට බීලා ඇති. 8ට වගේ ගෙදරින් ගියේ.. අම්මා කියලා ගියේ අද 6 වගේ වෙයි කියලා ගෙදර එද්දී.. අම්මා එද්දී තාත්තාගේ වෙරි හිදිල තිබ්බොත් හොදයි අයියේ .. පව් නැත්නම් අම්මා. නිකරුනේ බනින්න ගනියි..."
"හ්ම්.. නංගි කාලද ඉන්නේ? නැත්නම් එනවා බත් කටක් කවන්න"
නංගිටත් උත්තර දෙන ගමන් මන් කුස්සියට ගියේ බත් ටිකක් බෙදාගන්න. තාත්තා බොන්න ගිහින් ගෙදර නැති වෙද්දී කන්න තිබ්බ පිරියත් නැති උනා. සාමාන්‍යයෙන් සති අන්තේ කියන්නේ එයා වෙනදාටත් වඩා බොන දවස්. මගේ අහිංසක අම්මා ළඟ තියෙන බිස්කට් ෆැක්ටරියක වැඩ කරන්න යනවා. ඒ යන්න පටන් ගත්තෙත් මන් නිසා. AL ක්ලාස් වලට සල්ලි වෙලාවටම දෙන්න ඕනේ.. එකකට තුන් දාහකට ආසන්න ගානක්. මාසෙකට දහදහාකට වඩා මට වියදම්.. තාත්තා කවදාවත් හරියට පන්ති ෆීස් දීලා නෑ. අම්මා රස්සාවට යන්න ගත්ත දා ඉඳන් තාත්තගේ බීමත් කමයි, සල්ලි නාස්තියයි වැඩි උනා මිස අඩු උනේ නෑ. ගෙදරට උයන්න බඩු ටික ගන්න යන්තං සල්ලි දෙන්නේ එයාට හොදට කන්න ඕන නිසා කියන එක මිසක් අපි ගැන හිතලා නෙමේ කියන එක අපි තුන්දෙනාම දන්නවා. අම්මා ඉතින් මොනවා බලාපොරොත්තු වෙන්න ද එයාගෙන්? අඩුම ආදරේ කරලවත් කසාද බැන්ද මිනිස්සු දෙන්නෙක් නෙමෙයිනේ.
YOU ARE READING
නුඹ වෙනුවෙන්
Fanfictionමගේ ජිවිතේ හරියට ගහක් වගේ කවදාවත් මල් නොපිපුණු. බලාපොරත්තු, හීන කියන දේවල් මන් උපන් ගෙයිම මරලා දානවා. මොකද ඒව කවදාවත් මට උරුම වෙලා නෑ. හුස්ම වැටෙන නිසා විතරක් මන් ජීවත් වෙනවා. ~ ශවීන් දිනුල්ය සමරවීර මගේ ජිවිතේ ට එක එක මිනිස්සු ආවා ගියා. එකෙක්ට තේ...