05

14 1 2
                                    

ශවීන් pov:

ඊයේ ගණන් හදලා නිදාගනිද්දි 12ත් පහු උනා. තාත්තා නම් දවල් නිදාගත්ත පාර රෑ අටට විතර නැගිටලා අම්මාටයි, අපිටයි ඔක්කෝටම බැනලා ආයෙමත් ගිහින් බීලා ආවේ කෙලින් හිටගන්නවත් බැරි තරමට. අම්මයි , මායි එයාව වත්තම් කරන් ගිහින් ඇදට දැම්මා. මන් ආයෙමත් කාමරේට ඇවිත් තව ටිකක් වෙලා වැඩ කරලා දිනෙත් අයියට මැසේජ් එකක් දැම්මා.

Man wada karala iwarai. Dan nidaganna hadanne. Ayya mokada karanne? Padam kanarawada?


Ow baba. Oya doyyanna ehenam dan

Hm. Good night ayye. Bs

Good night baba. Bs. Man adarei 😘❤️

මේ මිනියා නම් මන් මැසේජ් දානකම් ද මන්දා බලන් ඉන්නේ. මැසේජ් දාන පරක්කුවට රිප්ලයි එනවා. හී එයා මට බබා කියනවට මන් හරි ආසයි අනේ ... අම්මා ඇරුනම මාව කවුරුත් හුරතල් කරන්නේ නෑ නේ. මට ඉතින් එයා එහෙම කතා කරද්දී කිචි කිචි වගේ. මන් ආදරේ කියන දේට හරි ලෝබයි ඒත් තාමත් දිනෙත් අයියට මන් ඒක කියලා නෑ. මට බයයි අපිට එකතු වෙන්න බැරි වෙයි කියලා අපේ සමාජ පසුබිම නිසා. මන් ඒ නිසා ගොඩක් වෙලාවට මගේ හැගීම් එයාට නොකියා හැංගුවා.

අද ඉතින් ඉරිදා අම්මා ගෙදර, මන් හරි ආසයි ඒ නිසා ඉරිදට. හැබැයි මට අද IT පන්ති උදේ. වෙලාවට මැත්ස් ක්ලාස් එක වගේ පැය පහක් නැහැ පැය තුනයි. අද අම්මා එක්ක ජිනදාස අංකල්ලගේ බණ ගෙදරට උදව් කරන්නත් යන්න ඕනේ ක්ලාස් ගිහින් ආවාම. මන් අම්මාටත් වැදල ක්ලාස් එන්න ආවා. 9ට පටන් ගන්නේ මගේ සෙට් එකේ කවුරුත් IT කරන්නැති නිසා මන් මේකේ තනියම. හරිම කම්මැලියි මට මේකේ තාම යාළුවෝ කවුරුත් සෙට් වෙලත් නෑ. අවුලක් නෑ කොහොමත් මට තනියම ගේම ගහන්න පුළුවන්. සසිදුව හිටියා නම් වල් පල් හරි දොඩවයි. සර් එන්න තව විනාඩි 5ක් තියෙනවා. මට එකපාරටම ෆෝන් එක වයිබ්‍රේට් වෙනවා ඇහුනා. අරන් බලද්දී දිනෙත් අයියා.

Baba ada mata babawa meet wenna enna puluwan wei. Ude class eka ada na.

Hm hari ayye man kohetada enna ona?

Man babawa ganna class eka laga ennam.

Hari ayye. Sir awa. Man iwara unama ennam. Bye

නුඹ වෙනුවෙන් Where stories live. Discover now