part 4 🌼

7 2 1
                                    

"කොල්ලො..කොල්ලෝ"

" ඇයි නැන්දේ ..?"

" පොඩ්ඩක් මෙහාට වරෙන් කොල්ලො "

බංකුව උඩ හාන්සි වෙලා ඉද්දි මාර සනීපයි මේ හුලගත් එක්ක අමුතුම සනීපයක් දැනෙන්නෙ ..සනීපෙටත් එක්ක ටිකක් ඇහි පිය වීගෙන ආවා විතරයි සිරිමා නැන්දා කතා කරනවා ඇහුනා..මං බංකුවෙනුත් බැහැලා බාටා කෑලි දෙකත් දාගෙන ගියේ කුස්සිය පැත්තට

" නැන්දා ඇයි කතා කරේ ..?"

" අනේ කොල්ලො අර මහත්තයාට ඇදටම වෙලා ඉන්න බෑයි කියනවා බන්..ඔන්න ඔය ඩිංගිත්තක් අරන් පලයන් එලියට "

" හරි නැන්දේ "

" හ්ම්..මේ තේ කහට එක බීලම පලයන් කොල්ලො "

" නැන්දේ "

" හ්ම්?"

" අද මම ටිකක් වෙලාසනින් යනවා "

" ඒ මක්කටෙයි ..හදිස්සියක්ද ?"

" හදිස්සියක්මත් නෙවේ නැන්දේ ..පාලිත මාමලගෙ ගෙදරට පෙඩ්ඩක් යන්න ඕන.."

" ආ මේ පාර පාලිතලා නේද පන්සලේ කඨිනේ කරන්නෙ..මාත් ගිහින් එන්න යන්න ඕන බන් හෙට දිහාට "

" හ්ම්.."

මං හකුරු කෑල්ල එක්ක තේ කහට එක බීලා කොප්පෙත්  නැන්දා අතට දිලා ගියා ස්තොප්පු කාමරේට..මහත්තයාට කම්මැලි කමේ වෙන්න ඇති මුණත් පුලුටු කරන් ඉන්නෙ..ඔව් ඉතින් එකම තැන ඉද්දි කාටද කම්මැලි නැත්තෙ..කවුරුත් ආස නැනෙ එකම තැනකට වෙලා ඉන්න

" මහත්තයා "

" ම්ම් ?."

" කම්මැලි නේද මහත්තයා ?"

" ඔව්..මං ආස නැ වැඩිය එකම තැනකට වෙලා ඉන්න..මාව පොඩ්ඩක් එලියට අරයන් යනවද ම්ම්.?"

" හා යන් මහත්තයා ."

මං රෝද පුටුවත් දිග ඇරලා අරන් ගියා ඇද ලගට

" ඕක එපා.."

" ඒත් මහත්තයාට ඇවිදින්න ටිකක් අමාරුයි නේද ..?"

" අවුලක් නැ හිමින් සැරේ යමු ..පෙඩ්ඩක් මාව අල්ලගන්නවා "

රෝද පුටුවත් පැත්තකින් අකුලෝලා දාලා ඇවිත් මං මහත්තයාගෙ ඉන වටේ අතක් දාලා අල්ලගත්තා ..මහත්තයාත් ඇද විට්ටම අල්ලන් මගෙ ඇගට වාරු වෙලා නැගිට්ටා..මහත්තයා එක්ක බලද්දි මම නිකන් හුනු පැටියා වගෙ ..මහත්තයාත් අර යකඩ කෑලි උස්සලා වෙන්න ඇති මෙහෙම ඇගක් හදාගන්න ඇත්තෙ ..මහත්තයාගෙ පිටේ පිහාටු දෙකක් තියෙන මිනිහෙකුයි තරුවකුයි කොටලා තිබ්බා..තව මොනාද මන්දා ලියලත් තියේ..වම් අත දිගේම තියේ නරියෙක්ගෙද මන්දා එකක් කොටලා..මරු හැබැයි

You've reached the end of published parts.

⏰ Last updated: Nov 14 ⏰

Add this story to your Library to get notified about new parts!

බිනර (Nonfic Bl )Where stories live. Discover now