part 1 🌼

37 7 6
                                    

☀...

Binara pov

"කොල්ලෝ...කොල්ලො ඉක්මනට මෙහෙ වරෙන්"

"අහ් ඇයි වෙද සීයේ..?"

" අන්න අර කොළඹ මහත්තුරු ටික ඇවිල්ලලු බන්..පොඩ්ඩක් අර පාර ලගට ගිහින් බලපම් පාර හොයාගන්න බැ කියන්නෙ ඔය"

"හරි වෙද සීයේ මම බලන්නම් "

ලෙලි ගගහා හිටපු පොල් ගෙඩියත් පැත්තකට දාලා කමිස කෑල්ලත් අරන් කරට දාගෙන මම දිව්වෙ පාරට..අහ් අද කොළඹ මහත්තුරු වගයක් එනවා.. වෙද සීයා කිව්ව විදියට නම් ඇක්සිඩන්ට් එකක් වෙලා ඇවිදගන්න බැරි තරුණ මහත්තයෙක් කිව්වෙ එන්නෙ..වෙද සීයා නම් කිව්⁣වේ ඒ මහත්තයා රටවල් වල පවා ගියා කියලයි ඔය කකුල හොද කරන්න ඒත් ඔය කරගන්න බැරි උනායි කියන්නෙ..අනේ මන්දා ඕවත්..

පොල් ගස් ටික මැද්දෙන් මගක් දුර එනකොට පෙනුනා කිරි සුදුපාට වාහනයක්..මම හිතන්නෙ අර මහත්තුරු වෙන්න ඇති..මම අඩිය ඉක්මන් කරලා ආවේ එතනට

"මේ මහත්තයලා වෙදගෙදරට නේද ආවේ..?"

"ආහ් ඔව්..මල්ලි දන්නවද වෙදගෙදරට යන පාර..?"

"මම ආවේ මහත්තයාලා එක්කන් යන්න තමා මහත්තයා ..වෙද සීයා කිව්වා මහත්තයාලව එක්කන් එන්න කියලා"

" යමු මල්ලි..මේ වාහනය යන්න පුලුවන් වෙයි නේද..?"

"පුලුවන් මහත්තයා ...මේ පාරෙන් ගියාම කෙලින්ම වැටෙන්නෙ වෙද ගෙදරට"

"යමු එහෙනම්..මල්ලිත් නගින්න එහෙනම්"

"කමක් නැ මහත්තයලා එන්නකො මා පස්සෙන්.. මට යන්න පුලුවන් මෙහෙම්ම පයින්

"කමක් නැ මල්ලි නගින්න "

ඒ මහත්තයා දොරත් ඇරලා දුන්නා නගින්න ඒත් මට එහෙම්ම බැලුනේ මගෙ කකුල් දිහා..ම්ම් දුවිලි නාලා ⁣බාටා කෑලි දෙකවත් දාගෙන නෙවෙයි මම ආවේ..දුවිලි නාලා ඉද්දි මම කොහොමද මේ වගෙ වාහනයකට නගින්නෙ..මම ටිකක් අදිමදි කරේ ඒකයි

" නගින්න මල්ලි.."

" කමක් නැ මහත්තයා ඔයාලා එන්නකො මම යන්නම්..මේ දුවිලි පිටින් මට මේකට නගින්න බැ මහත්තයා "

"විකාර නොකර නගින්න ඕක අවුලක් නැහැ..කො කො ඉක්මනට "

බලෙන්ම වගෙ ඒ මහත්තයා මාව වාහනේ පිටිපස්සෙන් ඉන්දුවා..අම්මො ඒක ඇතුලේ තියෙන සුවද ..මම නම් මේ වාහනයකට නැග්ගමයි..

බිනර (Nonfic Bl )Tempat cerita menjadi hidup. Temukan sekarang