part 3 🌼

20 4 5
                                    


☀️
.
.
.
" සුදු පුතේ..නැගිටපන් මයේ අම්මා ඔය මදැ නිදා ගත්තා..ආන් වෙද මාමා පණිවිඩේකුත් එවලා උබට එන්නැයි කියලා"

" ම්ම්..යන්නන් අම්මා මට තේ කහට එකක් හදලා දෙන්නකො..මන් ඉක්මනට මුණ කට හොදන් එන්නම්"

"හ්ම් "

අම්මා මගෙ ඔලුවත් අතගාගෙනම මේසේ ගැට්ට අල්ලන් නැගිටලා යන දිහා මං බලන් ඉදියා..එයා හරි ආදරෙයි මට ..එයා කියන්නෙ මං අප්පච්චි වගෙමයි කියලා..පව් ..අප්පච්චි මොනා කරත් එයා අප්පච්චිට ආදරෙයි..අප්පච්චි ඉන්නකම් කරේ පුලුවන් තරම් කසිප්පු පොලවල් වල ලැග්ග එක ඒත් අම්මා කවදාවත් අප්පච්චි ගැන නොබලා ඉදියේ නැ එයාගෙන් වෙන්න ඕන හැම යුතුකමක්ම හරියටම ඉශ්ට කරා එයා

ඉස්සරහ පඩියේ ඉදන් ඉදිය නංගි⁣ගේ ඔලුවත් අතගාගෙනම මං ගියේ පහල ළිඳට..ඉක්මනට මුණ කට හොදන් යන්න ඕන වෙදගෙදරට..දොලහටත් කිට්ටුයි වෙද සීයා බලන් ඉන්න ඇති මං එනකම් .. අම්මා ඇහැරෙව්වෙ නැත්තම් මම තවමත් නිදි..අනේ මන්දා ඇගටත් ටිකක් අමාරුයි වගේ ..ඇගේ තෙහෙට්ටුවටම වෙන්න ඇති අද මෙච්චර නින්ද ගියේත්..

"අයියේ...අයියේ"

" ඔහ් ඇයි..? "

" අන්න සිදත් අයියා ඇවිල්ලා..අයියා කෝ අහනවා"

ඒකා මොකද මෙහේ ..මට පෙන්නෙ මහා කරදරයක් වෙගෙන එන්නෙ මේ මනුස්සයා

" මං එන්නම්කො නංගි යන්න "

"හරි "










.
.
.
"සිදත් අයියා ඇයි අපේ ගෙදර ආවේ.?"

" උබව බලන්න ..නොදන්නවා වගෙනෙ උබ අහන්නෙ ම්ම්"

" මම නොදන්න නිසා තමයි අයියේ ඇහුවේ..?.මට පරක්කු වෙනවා අයියේ මම යනවා වෙද සීයා බලන් ඇති මං එනකන්"

" බිනර..පොඩ්ඩක් හිටපන්"

සිදත් අයියා කතා කරත් මං මුකුත් නොකියා නියරට පැනලා ගියා වෙල දිගේ ⁣පොල් වත්ත පැත්තට..ඇත්තටම සිදත් අයියා හරි වදයක් එයා එන්නෙ මොන වගේ දේකට කියලා තේරෙන නිසාම මට එයා එක්ක කතා කරන්නවත් හිතේන්නැ ඒකමයි මම නිතරම සිදත් අයියව මග අරින්නෙ..

මම දොල පාරෙන් ඇවිත් පොල් වත්ත දිගේ ගියේ වෙදගෙදරට..අදත් වාහනයක් ඇවිල්ලා සමහරවිට අර මහත්තයාගෙ කවුරු හරි වෙන්න ඇති ඒත් එදා ආව වාහනය නම් නෙවේ අද තියෙන්නෙ.

බිනර (Nonfic Bl )Donde viven las historias. Descúbrelo ahora