සුවබර තනි නින්දක් එක්ක උදෙ එලාම් එකට නැගිට්ට මම වෙනද ටයිම් ටේබල් එකටම වැඩ කරගන වැරන්ඩා එකට ආවෙ පොත් ටිකත් පපුවට තුරුල් කරගන වෙනදට වඩා දෙගුනයක් සතුටකින්....එයා නැගිටල ඇද්ද... නැති වෙන්නත් පුළුවන් ... ඒත් එයාව දකින්න තියනව නම් උදේම...
ඒ හැගීම මොන තරම් ලස්සනද... නාස් පුඩු හරහා ගලාගන එන සීතල වාතය මගෙ පපුවම එකවර පුරෝල දැම්මා... හතටවත් නැ තම... ලා පින්නක් වැටෙනව.... අව් රැල්ලක්වත් වැටිල නැති මේ සීතල උදේ....මගෙ අත් කොට ශර්ට් එක අස්සෙන් සියොලගම සීතලෙන් නෑව්නා... වෙනදට වඩා මාව පිරිලා.... වෙන දේකින් නෙවෙයි.. සතුටින්... සතුට කියන්නෙ හරි තාවකාලික දෙයක් ඒකඇත්ත.. ඒ හින්දම තමයි අපි සතුටක් බලන්න පුළුවන් හැම තත්පරේම ඒක මග නෑරම විදින්න ඔන..
හෙට මළත් මොකද.. අද සතුටින් නම්...
මං වැලි මිදුල දිගේම ගිහින් කෙටි පඩි පෙලෙන් තන බිස්සට පිනි වැටුන එයාලගෙ වත්තට ඇතුල් උනා...
මල් ලෝකයයි.. සේපාලිකා විමානයයි.... එක එක සුවද වර්ග වලින් මුලු මිදුලම පිරිල තියනකොට මන් මේ ලෝකෙ දකින්න ආසම වගේම බලාපොරොත්තුවෙන්ම ආව රූපයක් මගෙ ඇස් වලට අහු උනා...
මදු මාලති මල් පුරෝගත්ත විලට් ගහ යට බන්කුවෙ චූටි අයියා...
සීතල නිසාමදො සුදු පාට අත් දිග ශර්ට් එකට කලු බොටම් කලිසම ඇදල ඉන්න එයා කකුලක් පිට කකුලක් දාගන ෆෝන් එකට මූන යොමාගන ඉන්නවා.... ටේබල් එක උඩ තියන මග් එකෙන් දුම් දානවා... එයා මෙච්චර උදෙන් නැගිටල ඉන්නව මෙ ලන්කාවට ආවත් හරි දැක්කමයි... උදේම තෙ එකත් අරන් මිදුලට ඇවිත්.... එයත් එක්ක කතා කරනවද... හෙමින් සීරුවෙ යනවද...
නැ නැ මොකටද මග අරින්නෙ.. වචනයක් කතා කරගත්ත කියන්නෙ දවසම හිත සතුටින් ඉන්න පුළුවන් කියන එක... එයගෙන් ලැබෙන වචනයක් උනත් මට දැන් මහ හුගක් සැනසීමක් ගේනවා.... එහෙම හිතපු මම් හෙමින් සීරුවෙ ඉස්සරහට අඩි තිබ්බා...
මහගෙ හේයාව දැකලද කොහෙදෝ එයත් ඔලුව ඉස්සුව.. මගෙ ඇසුත් එයා ගාව වෙනකොට ඒ ඇසුත් එක එල්ලෙම මගෙ ගාවට වැටෙද්දි මම ඉක්මනින් බිම බලාගත්තා...