ඒ පිටුවෙන් මේ පිටුවට මෙ පිටුවෙන් අනිත් පිටුවට.... ඇතියි හිතෙනකල්ම පොත් අස්සෙ හිටිය මම ටිකකට අත් උඩට උස්සල ඇග මැලි කැඩුවා...
එකම දිගට එකම ඉරියව්ව.. එක හරි අමාරු දෙයක්.. විශේශෙන්ම මගෙ කොන්දට... අනෙ මන්දා... මටම හිතාගන්න බැ කිසිම බර වැඩක් නොකරත් මගෙ කොන්ද උහුලන්න බැරි තරම්ම රිදෙනවා... එකම විදියට පුටුවක ඉදගන පැයක් දෙකක් හිටියොත් තුනටිය හිරි වැටිලම යනවා..බෙහෙත් ටිකක් ගන්න ඕන උනත් මට හැම තිස්සේම ඒක මග ඇරිල යනවා... ඒත් දැන් නම් හිතෙනව බෙහෙත් ගන්න තරම්ම මගෙ වේදනාව පුලුල් වෙලා කියලා....
අති පිටිපස්සට නවලා මිට මොලොවල පිට පුරාවට පහරවල් දෙක තුනක් ගහගත්ත මං වෙලාව බැලුවා... 10ත් පහු වෙලා... උදේ ආපු පාරනෙ මේ... මට කියල කරන්න වෙන බහිර වැඩක් නැති නිසා මං පොතක් එක්ක තනි වෙන්න හුරු වෙලා හිටියා.. මට කියන්න යන්න තැනක්වත් කතා කරන්න කියල විශේශ කෙනෙක්වත් නැති නිසාම මගෙ කාලය ගොඩක් ඉතුරු වෙලා තිබුනා... සින්දුවක් අහන්නෙ කතාවක් බලන්නෙ හරිම අහම්බෙන් ... මොකද ඒවගෙ විශේශයක් මට දැනෙන්නෑ.. ඉතින් ආසාවක් නැති තැන මට උනන්දුවක් නෑ...
දඩස්...!
කොන්ද පුරාවට අමාරුවෙන් අමාරුවෙන් අත අරන් යන ගමන් හිටිය මට ඇහුවෙ දොර ඇරෙන සද්දෙ වෙනකොට මම හිතුවෙ අම්ම හරි නැන්ද හරි කියල උනත් නෑ....
ඒ විද්නාල්... එයා ඇවිත් හිටියෙ හිස් අතින් නෙවෙයි... කහට දාපු ෆුල් කිරි මග් එකක් එක්ක එයගෙ අතෙ මන් ආසම තුන් මුලු 4ක් තිබ්බ පීරිසියක් තිබුනා.... මගෙ දිහාවටම ඇස් රදවන් හිටිය එයා තව පාරක් කොන්ද උඩ තිබ්බ මගෙ අත දිහා බලල මේසේ උඩින් මග් එකයි ප්ලේට් එකයි තිබ්බ වෙනකොට එයාගෙ ඇස් මගෙ මූන උඩින් මගෙ අත උඩට මාරු උනා...
ඒ එක්කම එයාගෙ මූනට පෙනෙන නොපෙනෙන හිනාවක් මතු උනා... හැමදාම පියවිලා තියන කට කොනට අද පලවෙනි වතාවට හිනාවක් මතු උනා.. නග ගත්ත පුන්චිම පුන්චි හින රැල්ල එක්ක එයා ...
" කාලා බොන්න... "
එහෙම විතරක් කියලා ආයම පාරක් මගෙ ඇස් දිහා බලල දොරත් වහන් යන්න යනකොට එයාගෙ අමුතු හැසිරීම එක්ක මම පුදුම වෙලා බලන් හිටියා...