නිම්නයා හිටියෙ නිමේක්ෂ අයියලා දිහා හින්දා එදා ඌ ගියේ මං යන බස් එකේ නෙවෙයි.මාත් බස් ලකඩමක් එනකල් බලන් ඉඳලා අන්තිමට පින්නෙන් තෙමීගෙනම සයාශ් අයියලා ගේ ගාව තිබ්බ බස් හෝල්ට් එකට ගියා.ගෙදරට ගිහින් බැලින්නම් ගෙදර කවුරුත්ම නෑ.මට මහ අමුත්තක් දැනුනා.දොරත් ඇරලා දාලා ගංගා නැන්දත් පේන්න හිටියෙ නෑ.
කෝකටත් කියලා මං බයෙන් බයෙන් ගේ ඇතුළට ගිහින් කරුවල වෙලා තිබ්බ හින්දා ඉක්මනටම ලයිට්ස් ඔන් කරන්න ස්විච් එක තිබ්බ බිත්ති ගාවට ගියා.කරුමෙ කියන්නෙ ඒ වෙලාවෙ කරන්ට් එක තිබ්බෙ නෑ.මට දැනුනෙ මහ කලුවර හැඟීමක්.මං බෑග් එක සෝෆා එකට දාලා කෝකටත් කියලා ෆෝන් එකේ ටෝච් එක දාන් කුස්සිය පැත්තට ගියා.කෑම බීම ඔක්කොම හදලා තියලා ගංගා නැන්දා එදා කලින්ම ගෙදර ගිහින්.උඩ තට්ටුවට ගිහින් බලද්දි කාමර ටිකත් හිස්.කොහෙද මේ ගෙදර මහ එකා.මූ මාව විහිළුවට අරන්ද දන්නෑ.හැබැයි මේක විහිළුවක්නම් මං ඕකව අයියා කෙනෙක් කියලා බලන්නෑ. හිටපන්කො නෙතෘ අයියෙ.උඹ දන්නෑ මගෙ හැටි.
මං ආයෙ පල්ලෙහට ආවා.ඇවිත් සයාශ් අයියට කෝල් එකක් ගන්න හදද්දි උගෙ ෆෝන් එක ඕෆ්.මොන මගුලක්ද යකෝ.මේක විහිළුවක්නම් ඉක්මනට හැංගිලා ඉන්න තැනකින් එලියට වරෙන් අයියෙ.මං ඔය වගේ විහිලු කරන්න ගැළපෙන එකෙක් නෙවෙයි.වෙන කරන්න දෙයක් තිබ්බෙ නෑ.අන්තිමට මම නිමේක්ෂ අයියට කෝල් එකක් ගත්තා.මං දන්න තරමින් නිමේක්ෂ අයියා තමයි සයාශ් අයියගෙ හැමදේම දන්නෙ.මං හිතන්නෙ උන් දෙන්නා යට කලිසමේ බ්රෑන්ඩ් එකේ ඉඳන් හැමදේම දන්නවා.එහෙම බලද්දි නිම්නයි මමයි මොක්කුද.
"ඕ.. කියපන් මල්ලි"
දෙයියො බුදුන් දැක්කා වගේ යකූ.නිමේක්ෂ අයියා කෝල් එක ආන්සර් කළා.හැබැයි මට එවලෙ ඇහුනෙ උගෙ කටහඬ නෙවෙයි.ඒක ගෑනු කටහඬක්.පහන්දී!!!! මේකිත් එක්ක බෑ. මගුල!
"අයියා කෝ?"
මං පහන්දිගෙන් ප්රශ්න කළේ උන්ගෙ වටපිටාවෙන් වාහන සද්ද ඇහෙන හින්දා.
"අයියා ඩ්රයිව් කරනවා ඕෂධ.මං මේ ක්ලාස් ඇරිලා ගෙදර යන ගමන් ඉන්නෙ.ගිහින් ගන්නද?"
අහ්.. පහන්දි තාම ඕලෙවල් ක්ලාස්නෙ යන්නෙ.ඒක හින්දා අපිට ඒකිව හම්බවුනේ නෑ.නිමේක්ෂ අයියා බයික් එකේ පහන්දිව එක්කන් එන්න ගිහින්නම් ඉන්නෙ... එතකොට කොහෙද මේ යකා අතුරුදහන් වුනේ.

YOU ARE READING
මණ්දාකිණි | 01 | BL | Horror | ✔
Non-ficțiune"You have me until every last star in the galaxy dies" "You have me" -මණ්දාකිණි~ -24.10.30 -25.02.14