chapter 15

457 115 0
                                    

Magic love story

Episode 15💫💫💫💫💫💫💫💫💫💫💫

~~~~~~~~~~~පහළොස්වන මායාව~~~~~~~~~~

- Jeon yumi's pov-

💐 " යා... මුන්නම් කවදා හැදෙයිද මන්දා... අර පරවියා බය උනා " ඉස්සෙල්ලා කෑගහපු කොල්ලම ආපහු අරගොල්ලන්ට බනින ගමන් මගේ ලගට ආවා. යාහ්...😳 මෙයා මාව අල්ලගනියිද... ඒම උනොත් මාව හිරකරගනියි... මම ඉක්මනට තටු ගහලා පියාබන්න උත්සාහ කලා...  මම ආපහු බිත්තියෙ වැදුනා...ආහ්...🤕 ඒත් මම පුලුවන් තරම් හයියෙන් පියාඹන්න උත්සාහ කලා දෙවෙනි පාර මම වැදුනේ AC එකේ... තුන්වෙනි පාර ෆ්‍රේම් කරපු ෆොටෝ එකක... මම පිස්සුවෙන් වගේ කාමරේ වටේටම පියාඹන්න ගත්තෙ කිසි දෙයක් හිතාගන්න බැරුව... පිස්සුවෙන් වගේ පියෑඹුවා...🤕ඒත් එකපාරටම මම ආපහු බිත්තියෙ වැදිලා බිම වැටුනා.

🍪 " අල්ලගත්තා...!! " ජොන්කුක්  ඉස්සරහට පැනලා මාව අල්ල ගත්තා.😶 අනේ... මට යන්න ඕනි.... යූනා මම එනකන් බලාගෙන ඇති. මම තටු ගසලා ජොන්කුක්ගෙ අත්වලින් බේරෙන්න හැදුවත් ජොන්කුක්  මාව තව ටිකක් තද කරලා අල්ලගත්තා.

😎 " කුකී... කුකී... කෝ බලන්න.... 😍😍😍 "

💐 " පොඩි එවුන් දෙන්නා... ඔය අහින්සක සතාව මරන්නෙ නැතුව මෙන්න මෙහෙට දෙනවා " එහෙම කිව්වෙ අර කලින් කෑ ගහපු කොල්ලා. එයාගෙ කතාවෙන් පේන්නෙ එයා මෙයාලගෙ හ්‍යොන්ග්ට වගේ.

🍪 " යා... ජින් හ්‍යොන්ග්  අපි මෙයාව බාබකියු කරන්නෙ නෑ..😂😂 "

😸 " කියන්න බෑ ඕවා... බොලාල දෙන්නම එකයි... මොංගල් වැඩමයි කරන්නෙ " සෝෆා එකේ නිදාගෙන හිටපු කොල්ලා ඔලුවවත් උස්සන්නෙ නැතුව කිව්වෙ හිනාවෙවී.

💐 " හොබී.... අන්න අර අසරණ සතාව අරගන්න.... නැත්නම් මේ කුපාඩියො දෙන්නා මොනා කරාවිද දන්නෙ නෑ "

🦄 " ආහ්...😅 මේ... හ්‍යොන්ග්... මම මේ.... සත්තුන්ට... මේ 😅😅 බ- බයයිනෙ "

💐 " බෝ හැමදාම ඔහොම ඉන්නද... ගිහින් අරං වරෙන්.... බය නැතිවෙන්නත් එක්ක... නිකන් කෙල්ලෙක් අල්ලනවා වගේනෙ බෝ සත්තු අල්ලන්නෙ..😂😂 "

🦄 ", හූම්..හූම්... "

         ඉතින් හෝසොක් හිමීට මගේ ගාවට ආවා. අපි දෙන්නගෙ ඇස් එකට හමුවුණු මොහොතෙම එයාගෙ මූනෙ තිබුනු බය නැතිවෙලා ගියා. එයා...එයා මාව අදුරගත්තද..😲😳 නෑ.. නෑ... ඒම වෙන්න බෑ... මම දැන් ඉන්නෙ පරවියෙක් වගේනෙ..😳🙄 ඒත් හෝසොක් මාව එයාගෙ අතට ගනිද්දි මෙච්චර වෙලා ජොන්කුක්ගෙ අතේ දගල දගල හිටපු මම නිකන්ම සන්සුන් උනා. මට මාවම තේරුම් ගන්න බෑ. ඇයි මම මෙහෙම හැසිරෙන්නෙ.ඒත්... ඒත් මට ඕනි උනා... මට ඕනි උනා අවුරුදු ගානකට කලින් ලබපු ඒ උණුසුම ආයෙත් විදින්න❤️ ඔව්❤️ ඒ උණුසුම එදා වගේමයි❤️ මට එදා වගේම ආරක්ෂාකාරී හැගීමක් දැනෙන්න ගත්තා. මට ආපහු බයවෙන්න දෙයක් තිබුනේ නෑ. මොකද මම ඉන්න මගේ හෝසොක් ගාව.❤️ යාහ්...💔😑 මගේ හෝසොක්? පිස්සුද යුමී.. මේ හෙට අනිද්දා යන්න ඉන්න ඔයාට මොන ආදර සම්බන්දතාද.. එයාලා මගේ අතට... ආ නෑ... වැරදුනා... තටුවට බෙහෙත් දැම්මා.

Magic love story ( Completed✔️)(个_个)Where stories live. Discover now