අත්භූත කෑම එක. The Mysterious Food

1.1K 126 21
                                    

එදා කලුවර දවසකි .....
ඔව් ඔබ සිතුව හරි ගෙදර ලයිට් දාලා නැ පොඩ්ඩක් ඉන්න.
හරි දැන් එලියයි
මේ කතාව උදේ කතාවක් එ නිසා කලුවරත් නැ ලයිට් ඔනෙත් නැ ...කපා හරින්න.
"කෙල්ලේ කෙල්ලේ නැගිටපිය යකො දැන් වෙලාව කීයද ඔහොමද ගැනු දරුවෙක් උනහම ඈ "
"උදෙන්ම වයනවද ඔයාගෙ සර්පිනාව නවත්තගන්න මන් නැගිට්ටා "ඒ කලින් කතා කරපු කෙනාගෙ දුව මල වදේ 😑😂 දුව ඩිම්පල් කපාඩියා අම්මා කිරිස්තිනා සම්බා කැකුලු මේ දෙන්නා ජීවත් උනෙ තනියම නෙමෙ ඒ දෙන්නට දෙන්නා හිටියනෙ මල සමයං .
"මේ උයල තියෙන්නෙ ඇවිත් කන්න මේ දත් මැදල එන්න ජරාව පිටින්"මිසිස් කිරිස්තිනා එසේ පැවසුවාය.
"හරී බන් අම්මෙ "ඒ දුව ඩිම්පල්‍ය.ඇයම මෙසේ විමසයි "මොනාද අද ඉව්වෙ"
"මේ මන් කී දවසක් කිව්වද උයපුව අහන්න එපා කියල කටවහගෙන උයල තියෙන දේ කාපම්" කිරිස්තිනා ආවේගශීලි ලෙස පිලිතුරු දුන්හ.
"හා හා අපො "ඩිම්පල් එසෙ කියා මූන සෝදා කෑම මේසයට ආවාය.
"මොනාද මසුයි පතෝලයි විතරද අනේ"ඩිම්පල් දුක්මුසු ස්වරයකින් කීවාය.
"ඇයි නෝනා හාමුට චයිනීස් ඕනෙද "අම්මා එසේ ඇසු සැනින් මෝඩ ඩිම්පල් "කෝ තියෙනවද" කියා ඇසූ හෙයින් අම්මා කෝපයෙන් එලියට ගොස් අතුගෑමට පටන් ගත්තාය.
"එයාගෙ ගෑස්" ඩිම්පල් කෝප උනු අම්මා ගැන සිතමින් කෑම බෙදාගත්තාය.
බත් කටක් දෙකක් කන විට ඇය පියනකින් වැසූ භාජනයක් දැක්කාය.
ඇය එය විවෘත කර බැලීමෙන් සතුටු සහගත ලෙස පුදුම විය.
"අපේ අම්මා නම් මරු අප්පා මොනාද මන්දා හොද්දක් හදලා ඔහේ මේසෙන් තියලා බෙදාගෙන කන්න ඕනෙ" එසේ කියමින් භාජනයෙ තිබු දෑ පිගානට දමා ඇය කෑවාය. විනාඩි 10 ,12 කට පසු කෑම අවසන් කල ඩිම්පල් නැවත කාමරයට යාමට සැරසෙද්දිම අම්මා එලියෙ සිට පැමින "ආ කෑවද "කියා අසා සිටියාය.ඩිම්පල් "ඔව්" යනුවෙන් කියා "මගෙ සුදු අම්මා කියා අම්මාව බදා ගත්තාය" ඒ නමක් ගමක් දන්නැති මේස උඩ තිබ්බ හොද්ද නිසාය 😂 "ආ චාටු එපා" කියමින් අම්මා ඩිම්පල්ට කාමරෙ අස් කරන ලෙස පැවසූ අතර ඩිම්පල් කාමරය ගියාය.......
තවත් ඉදිරියට.....

බඩ රිදෙනව [ COMPLETED ]Where stories live. Discover now