2 years ago
අහ්... ළමයි මේ පාරත් අපිට වාර්ෂික DANCING COMPETITION එකට යන්න මම තෝරාගන්නේ අපේ Anage team එක තමා.
කියලා අපේ chief announcement
එකක් දුන්නා.අපි ඊට පස්සේ ගිහින් chief ව තනියම හම්බවෙලා මෙහෙම ඇහුවා.
'Chief අපි දන්නවා හැම පාරම මේ competition එකට යන්නෙ Ana ගෙ team එක කියලා.
ඒත් මේ පාර අපිටත් chance එකක් දෙන්න පුළුවන්ද?'එතකොටම chief අපි දිහා ඔරවලා බැලුවා.
අපිත් ටිකක් භය වුණා.ටික වෙලාවකින් Chief මෙහෙම කිව්වා.
'හරි... දැන් ඔයාලා හිතනවද ඔයාලා එයාලට වඩා දක්ෂයි කියලා.
එහෙනම් ඒක ලොකු වැරදීමක්
මොකද,
එයාලා තමා මම ගාව ඉන්න හොඳම team එක.
හරි,
ඔයාලා ඔච්චර ම කියන නිසා මම පොඩි දෙයක් යෝජනා කරන්නම්.''ඒ මොකද්ද chief'
අපි හැමෝම ඇහුවේ ගොඩක් පුදුම වෙලා.
'අපි තරඟයක් තියලා team දෙකෙන් හොඳම team එක තෝරමු.
ඔයාලා ඒකට එකඟයිද?'අපි හැමෝම කිව්වේ
ඔව්,
කියලා තමා.
මොකද,
අපේ chief අද අපිට challenge එකක් දුන්න නිසා.
අපි ඔව් කියලා කියන කොටම වගේ.මෙන්න,
එක පාරටම
Ana එතැනට කඩා පාත් වුණා.'හ්ම්... මම හරිම ආසයි challenges වලට,
එහෙනම්
ඔන්න,
මම Challenge එක accept කරනවා. Chief මම යි, මගේ team එකයි ලැහැස්තියි මේ කෙල්ලෝ ටිකත් එක්ක තරග කරන්න . මට නිකම් මෙයාලා එක්ක තරඟ කරනවා කියන්නේ හරිම ලේසි දෙයක්
😏😏😏' හරි... හරි... අපිත් ලෑස්තියි ඔය දක්ෂයි කියලා හිතන් ඉන්න මෝඩියෝ එක්ක තරඟ කරන්න.'
Hiruzz අක්කා එහෙම කීවේ අර කෙල්ලෝ ටික අපිව චාටර් කරලා කතා කරන එක නවත්තන්න.
'අහ්.. අපි බලමුකෝ
ඔයා දන්නවාද ඔයා ඔය මෝඩියෝ කීවේ කාටද කියල.'
- Ana-
😡😡😡අපි Ana ට හොඳ උත්තරයක් දෙන්ඩ හදන කොටම,
'හරි... හරි දැන් ඔය ළමයි මෙතැනින් යන්ඩ. මම තරඟේ ගැන විස්තර අද හවසට කියන්නම්. අද හවසට මාව. මෙතැනදී ම හම්බවෙන්න.'
කියලා Chief අපිව එතනින් එලවලා දැම්මා.
අපිත් මාර තරහින් හිටියේ,
අර කෙල්ලෝ ටික අපිට කියපු දේවල් නිසා.
අපි ඉක්මණට අපේ වැඩ ටික ඉවර කරලා Chief ව හම්බවෙන්න ගියා.
අපි එනවත් එක්කම වගේ, අර කෙල්ලෝ ටිකත් ආවා. අපි මූණට මූණ බලන් හිටියේ හරිම තරහෙන්.
ඒ කෙල්ලො ටිකත් හිටියේ හරිම තරහෙන් කියලා අපිට තේරුම් ගියා.අපි මෙහෙම ඉන්න කොට
එක පාරටම Chief කතා කරන්න පටන් ගත්තා.'හරි ළමයි. මෙහෙමයි මේ තරඟය තව දවස් 2 කින් පටන් ගන්නවා. ඔයාලට මම song title එක විදියට දෙන්නේ ලස්සන hindi song එකකට ලස්සන dance එකක් හදන්න.'
අපි හැමෝම ok Chief කියලා එතැනින් පිටත් උනා.
ඊට පස්සේ,
අපි හොඳට practice කරා.
ඔහොම එක දවසක් ගෙවිලා ගියා.
හෙට අපේ තරඟය,
අපි හැමෝම හිතා ගත්තා. කොහොම හරි මේ තරඟය දිනනවා කියලා.' අයියෝ.... කෝ මේ වතුර බෝතලේ වතුර පොඩ්ඩක් වත් නෑනේ.'
කියලා අපේ sadu අක්කා කිව්වේ හරිම අමාරුවෙන්, එයා ඒ වචන ටිකත් කීවේ හරිම අමාරුවෙන්. ඒ වගේම
මම දැක්කා එයාලට හොඳටම මහන්සි පාට,
ඒක නිසා මම කිව්වා
' හරි අක්කේ,
කෝ දෙන්නකෝ... ඔය වතුර බෝතලේ මම ගිහින් වතුර අරන් එන්නම්. '
කියලා මම එතනින් පිටත් වුණා.
මම එතැනට ආපහු එනකොට දැක්කේ මහා පුදුම හිතෙන දෙයක්.To be continued.....
Mama (shavi) monawada dakke kiyla dana gannanm anith Chapter eka kiywannko....
Lassanai nm. Vote ekak hri comment ekak hari dnnko
Eka loku deyk
I 💜 u
❤️ ❤️ ❤️ ❤️ ❤️
YOU ARE READING
Amazing sisters ❤️
Short Storyආදරය කියන්නේ අපිට බලෙන් ලබා ගන්න බැරි දෙයක් වගේම ගොඩක් වටින දෙයක්. ☺️ අපිට ආදරය කරන අය ගොඩක් ඉන්න පුළුවන් හැබැයි මගේ title එක වෙන්නේ AMAZING SISTERS ❤️ඒ කියන්නේ පුදුමාකාර සහෝදරියෝ කියන එකයි. සහෝදරකම කියන්නේ ලේ උරුමයක්ම නෙමෙයි කියලා මේ story එක අවසා...