02. New memeber

360 51 17
                                    

Myung-Gee view

වසර 15කට පසු...

Myung-gee රාත්‍රියේ කාටත් නොකියා seol සිට gangwon ප්‍රදේශයට පැමිණෙන්නේ eomma , appa, uibuseomi නිසා අපායක් උනා ජීවිතෙන් මිදෙන්න ඕනි නිසයි. Seol හා gangwon ගත්කල gangwon යනු අඩු පහසුකම් සහිත නගරයක් නිසා ජනගහනයද ඉතා අඩු ප්‍රදේශයකි. Gangwon හි ඇති ගණ කැලෑවත්, නිතර ඇද හැලෙන වැස්ස නිසාත් තෙතබරිත බවක් මෙහි විය.

Myung-gee දැනට gangwon හී පැමිණ සති තුනක පමණ කාලයක් විය. මේ කුඩා කාලය තුලදී ඇය තමන්ගේ හිතට කා වැදී තිබුනු එක් තැනකට යාමට පුරුදු වී තිබුණි. Gangwon කැලයේ මද්දට වන්නට පිහිටී වටේම ගස්වලින් වට වෙලා අහසට විවෘතව තිබ්බ කුඩා පර්වතයට නැග myung-gee අහස දිහා බලාගෙන කල්පනා කරන්නට විය.
" wow..වෘර්කයන්ට හද පායනකොට හූවක් තියන්න හොදතැනක්..." හීන් හිනාවක් එක්කම ඇය හිතුවේ වටේටම රවුමක් කැරෙකෙමින්. සෑම රාත්‍රියකම ඇය මෙතනට පැමිණිමට පුරුදු උනේ කාන්දමකට ඇදෙන යකඩයක් වගේ. රාත්‍රි සිහින් සුලග , තරු පිරුනු අහස දිහා බලන් ඉන්න, තමන් ආසාම සිංදුවක් අහන්න කවුද අකමැති. Myung-gee මෙතනට ඇවිත් කවදාවත් ඇඩුවෙ නෑ, අතීතය ගැන දුක් උනා නෑ. ඇය කවදාවත් නොවින්ද සතුට, නිදහස ලෝබ නැතුව මෙතන වාඩිවෙලා වින්දා..

පූර්ණ චන්ද්‍රයා.... පුරහද... අද පුරහද පායල තියෙන දවසක්. Myung-gee පුරුදු විදිහටම මෙතනට ආවෙ අද අහසට ඇවිත් ඉන්න අනිත් සාමාජිකයවත් බලන්න... නමුත් වෙනදාට ඇය පැය ගණන් මෙතන සතුටින් සිටියත් අද ඒ සතුට නැතිවෙන්නට ගියේ මිනිත්තු 30ක් වගේ පොඩි කාලයක්. Earphone එක කනේ ගහගෙන සිංදු අහන ගමන් ගල් පර්වතයේ දිගා උන myung-geeට වටේ වෙන්නෙ මොනාද කියල කිසිදු තේරුමක් තිබ්බෙ නෑ..

3rd person view

වෙනදාවගේම රාත්‍රියේ ආරෝ කට්ටියත් එක්ක දඩයමේ යන ගමන් ඉද්දී හමාගෙන ආ හුලගට ආපු ඒ සුවද ආරෝට අදුරගන්න අපහසු වුනේ නෑ. පිපාසයෙන් සිටි ඔහුට ඒ මනුෂ්‍ය ලේ වල සුවද දැනුන නිසාත් ඒ සුවද පසුපස හඹායන්න ගත්‍තේ ඇසිපිය ගහන ක්ෂනයකිනි. සුවද පසුපස ආ ඔහු නතර උයේ myung-gee වැතිර සිටි ගල් පර්වතය වෙතටයි. නැවතත් හැමු සුලගට ආ myung-geeගෙ සුවද ලෝබකමින් මලක සුවද විදිනාක් මෙන් වින්ද ආරෝ ඇසිපිය ගහන ක්ෂනයකින් ඇයවෙත ගියහ. Myung-geeට හිතන්නටවත් වෙලාවක් නොතිය ඇයගෙ ගෙල දෙසට නැබුරු වී තම පිපාසය නිදහසෙ විදින්නට විය.

ℍ𝕠𝕦𝕤𝕖 𝕆𝕗 𝕍𝕒𝕞𝕡𝕚𝕣𝕖𝕤Where stories live. Discover now