Chapter 11

1.2K 186 26
                                    

Chapter 11

No one p.o.v

වෙඩි තියපන් මුන් දෙන්නට මෙතනම වෙඩි තියල මරලා දාපන්…

jackson යටි උගුරෙන් කෑ ගහද්දී උගේ මිනිස්සු  jinගෙයි namjoonගෙයි ඔළුවට ඉලක්කය ඇල්ලුවා.

නමුත් අනපේක්ෂිතව ඈතකින් වැදුනු වෙඩි පහරවල් වලින් jinගෙ වටේ හිටපු පිරිස එකිනෙකා මැරී වැටෙන්න පටන් ගනිද්දී ඒ අවසරයෙන් හිටපු තැනින් නැගිටපු namjoon තමන් අල්ලන් හිටපු මිනිස්සු තුන්දෙනා එක පහරින් බිම දැම්මා.

නොනවතින වෙඩිපහරවල් එන දිහාව හොයා ගන්න බැරිවුණු jackson වෙඩි පහරවල් වලින් මුවා වෙන්න දුවදී ලගම වැටිලා හිටපු මිනිහගෙන් gun එකක් අරගත්ත namjoon එයාගෙ ඉස්සරහට එන හැම කෙනෙක්ටම වෙඩි තියන ගමන් බිම වැටිලා හිටපු jin ගාවට පාර හදාගත්තා.

මරපන් උන් දෙන්නව මරලා දාපන්...

ඒත් එක්කම බිල්ඩිමෙන් එලියෙ හිටපු  jacksonගේ ඉතුරු පිරිස ඇතුලට කඩා වදිද්දී මුවාවෙලා හිටපු තැනින් අගලක්වත් නොහෙල්ලී jackson කෑගැහුවා.

උන් තමතමන්ගෙ ආයුධ උස්සන්නත් කලින් බිල්ඩිම ඇතුලෙන් වගේම පිටතිනුත් වෙඩි හඩ ඇහෙන්න පටන් ගත්තා. Jacksonගෙ මිනිස්සු වහාම ආරක්ෂිත ආවරන හොයාගෙන දුවන්න හැංගෙන්න පටන් ගත්තා.

RM අපි පරක්කුද…?

බිල්ඩිමේ ඉහලම මහලෙන් පුරුදු කටහඩක් ඇහෙද්දී ඉහල මහලේ ඉදන් පහලට දිග ලණු කැරලි තුනක් බිමට වැටුනා. 

Hobby ……

Hoseok දැකපු Jin සතුටින් කෑගහද්දී ලණු කැරලි වල රූටමින් hoseok, teahyung එක්කම yoongiත් පහල මහලට බැස්සේ ඔවුන් වටේ හිටපු පිරිස වෙඩි වරුසාවකින් නාවමිනුයි.

Hyung මෙතනටම වෙලා ඉන්න. හදිස්සීයකදි මේක පාවිච්චි කරන්න.

Jinව පරිස්සමින් ආරක්ෂිත තැනකින් තියපු namjoon එයාගෙ අතට තමන් අතේ තිබුනු gun එක දුන්නා. 

Namjoonahh පරිස්සම් වෙන්න.. මගේ කොල්ලො ටිකත් පරිස්සම් කරන්න.. 

Namjoon ගෙ අත අල්ලගත්ත jin කියද්දී එයාගෙ කම්මුල අතගාපු namjoon එයාගෙ නලල ඉබලා ඉක්මනට තමන් හිටපු තැනින් නැගිටලා බිල්ඩිම මැද තුන් පැත්තකට හිටගෙන වටේටම වෙඩි තියමින් හිටපු yoongiලට එකතු වෙන්න දිව්වා.

NO MORE DREAMS Where stories live. Discover now