3 කොටස

3.1K 555 85
                                    

-" මොකක්? නෑ.. "

-" හිහී.. නෑ.. නෑ.. ඒකට කමක් නෑ.. එහෙම වෙනවානම් වැඩිය හොදයි.. මම බය වුනා ලීසා ඔයාට කැමති වෙයි කියලා.. "

-" අහ්හ්.. ඔයා ලීසට කැමතිද"

-" ම්ම්ම්ම්.. ඒත් එයා මට කැමති නෑ.. මන් නෙගෙට් කෙනෙක් නිසා.."

හොබී මූනත් බිමට පහත් කරග්‍ර්න දුකෙන් වගේ කිව්වා..

-" ඇයි ඒ.. අර ටේත් කිව්වා ජරා නෙගෙට් කියලා.. එයාලා නෙගෙට් ලට කැමති නැද්ද"

-" නෑ.. එයාලා අපිව පිලිකුල් කරනවා.. අපි පහත් ජාතියක් විදියට සලකන්නේ.. "

-" ඇයි ඒ.. අපි එයාලට වඩා ශක්තිමත් නේ.. අපිට එයාලගේ බල නිශේධනය කරන්නත් පුලුවන්.. "

මට හිතාගන්න බැරි උනා ඇයි එයාලා අපට අකමැති කියලා.. ඒත් මම ටේගේ බලේ නිශේධනය කලාම කීප දෙනෙක් පුදුම උනා වගේම කීප දෙනෙක්ගේ මූනු වල අප්පිරියාවක් ඇදුන බව මම දැක්කා.. මම ආයේ බිම බලන් කල්පනා කර කර ඉන්න හොබීට ඇන්නා..

-" සමහරවිට අපි එයාලගේ බල නිශේදනය කරන නිසා වෙන්න ඇති එයාලා අපිට අකමැති.. කොහොම උනත් අපි ඉන්නේ එයාලට සේවය කරන්නනේ.. "
හොබී කිව්වේ ගොඩාක් දුකින් වගේ..

-" හ්ම්ම්... මට නම් දැන්මම මේ ඩෲඩ් ලයි ඇකඩමියයි එපා වෙලා තියෙන්නේ.. "

-" හරි හරි අපි යමු.. මම ඔයාට මෙහේ ගැන කියලා දෙන්නම්.."

හොබී ආයෙම මූනට ලොකු හිනාවක් අරගෙන මගේ අතකින් ඇදගෙන එලියට ඇදන් ගියා..

-" මම ඔයාට ඇකඩමි එක පෙන්නන්නම්.. "

-" හ්ම්ම්... "

-" ඉස්සෙල්ලම කියන්නම් මම ගැන නම් අදහසක් ඇති කරගන්න එපා.. මම gay නෙවෙයි.. "
හොබී හිනාවෙවී ඇහැක් ගහලා කිව්වා..

-" යා.. මම එහෙම නෑ.. "

මම හොබීගේ පිටට එකක් ගහලා හිනාවෙනකොටම එතනට තව කොල්ලෙක් ආවා.. ඒකා දුවගෙන අපේ ඉස්සරහට ඇවිත් අත් දෙක දනහිසේ ගහගෙන නැවිලා හති ඇරියා..

-" ඔ.. ඔයා හෙඩ් ගාඩ් හෙන්රිගේ පුතාද ? "

මම පුදුමෙන් ඔලුව වැනුවා.. ඕක හති දාගෙන දුවන් ඇවිත් අහන්න ඕන ප්‍රශ්නයක්ද..

මායා ඇකඩමිය Where stories live. Discover now