8 කොටස

2.7K 567 66
                                    

ජිමින්ගේ තොල් වලට මගේ තොල් ලංවෙන්න ඔන්න මෙන්න තියනකොටම මගේ ඇස් පෙනීම බොද වෙලා ගියා.. මම දකින්න ගත්තා මාවම.. ජිමින්ගේ කොලර් එකෙන් අල්ලගෙන මූනට ලංවෙලා ඉන්නවා.. මට එක පාරටම මීටර් වුනේ මට දර්ශන පේන්නේ ජිමින් නිසා නෙවෙයි..

තත්පර කීපෙකින් මගේ ඇස් පෙනීම ආයේ ලැබුනු ගමන් මම ජිමින්ගේ කොලර් එක අතෑරලා බුෆේ එක පැත්ත බැලුවා.. එතන ටේයොන් ජන්කුක් එක්ක තව කොල්ලො 6 දෙනෙක් හිටියා.. මට දැන් 100% ක් විශ්වාසයි මාව විහිලුවකට අරන් මගේ ඇස් එක්ක සෙල්ලන් කරන්නේ ඒ 8 දෙනාගෙන් එක්කෙනෙක් කියලා.. මම ඒ පැත්ත බලාගෙනම අතත් මිට මොලවගෙන තරහින් එයාලා ගාවට යන්න අඩියක් තියනකොටම ටේයොනුයි ජන්කුක්නුයි මූනට මූන බලාගත්ත ගමන් ජන්කුක් බය වෙලා වගේ අතේ තිබුනු කෑම ට්‍රේ එක පැත්තකින් තියලා ටේයොන්ගේ අතකින් ඇදන් එතනින් යන්න හැදුවා.. මම පැනපු ගමන් ජන්කුක්ගේ කොලර් එකෙන් අල්ලගත්තා.. ජන්කුක් මගේ අත ගලවගන්න ට්‍රයි කර කර මගේ අතින් අදින අතරේ ටේයොනුත් මගේ අත ජන්කුක්ගේ කොලර් එකෙන් ගලවන්න ට්‍රයි කලත් මම හයියෙන්ම එයාගේ කොලර් එකෙන් අල්ලන් හිටපු නිසා ඒ දෙන්නටම ඒක ලේසි උනේ නෑ..  අපි තුන්දෙනාම අත් වලින් අල්ලගෙන ඉන්න අතරේ කොහේද ඉදලා එතනට ආපු යුන්ගි අපි රන්ඩුවෙනවා දැකලද කොහෙද අපිව නවත්තන්න හිතාගෙන එයත් මගේ අතින් අල්ලගෙන මාව ජන්කුක්ගෙන් ඈත් කරන්න උත්සාහ කලා..

ඒත් යුන්ගි මාව අල්ලනකොටම මට එකපාරට මගේ ඔලුව ඇතුලෙන් ලොකු කරන්ට් එකක් වදිනවා වගේ දැනුනා.. ඒ එක්කම අපි 4 දෙනාම 4 පැත්තට වීසි වෙලා ගිහින් බිම වැටුනා..
යුන්ගි අමාරුවෙන් වැටිච්ච විදියටම ඔලුව උස්සලා මගේ දිහා බැලුවා..

-" ඔයාලා අනතුරක ඉන්නේ.. "

-" මොකක්.. "

-" ඔව්.. ඔයාලා තුන් දෙනාම.. මම ඔයාලගේ අනාගතය දැක්කා.. අදුරු පාට කාමරයක් ඔයාලා තුන් දෙනාම නහයෙන් කටෙන් ලේ එක්ක බිම වැටිලා හිටියා.. පරිස්සම් වෙන්න.. "

එහෙම කියලා යුන්ගි නැගිටලා ගියත් අපි තුන්දෙනා වැටිච්ච විදියටම මූනෙන් මූන බලාගෙන ටිකක් කන්ෆියුස් වෙලා හිටියා..

මායා ඇකඩමිය Where stories live. Discover now