6 කොටස

2.8K 542 61
                                    

-" ජිමින්.. "

හොබීයි මායි මූනට මූන බලාගත්තා..

-" ලියෝ ඔයාට හිතෙන්නේ ඒ ජිමින් කියලද.. ?"

-" එහෙමම හිතන්න බෑ ඉතිං ඒත් එයා මාව දැක්කම රතු වෙන නිසා පොඩි සැකයකුත් එනවා.. "

-" ආආ.. එයා විතරද රතු වෙන්නේ.. ඇයි ඔයා රතු වෙන්නේ?"

-" නෑ ඉතිං එයා පොඩ්ඩක් කියුට් නිසා මම දැක්කම හිනා වුනා විතරයි.. "

-" දැන් ඔය දර්ශන පේන කොල්ලා අහුවුණොත් බෙල්ල මිරිකනවා කිව්වා නේද? එහෙනම් ගිහින් ජිමින්ගෙත් මිරිකන්න.. "

හොබී පල් එකට හිනා වෙලා ඇහුවම මම යටි තොල විකාගත්තා..

-" යා.. ඔහොම කරන්න එපා.. මටත් නරක අදහස් එනවා.. "

-" මොකක්ද කරන්න එපා කිව්වේ? "

-" තොල හපන්න.."

-" විහිලු නෙවෙයි හොබී.. ටේයොන්ලට සෑහෙන උනන්දුවක් තියනවා මට පේන දර්ශන ගැන දැනගන්න.. ජිමිනුත් ඒකට හවුල්.. අද තව ඩින්ගෙන් මාව දිවියෙක් කනවා.. ජිමිනුත් මම හිතපු තරම් අහිංසක නෑ වගේ.. "

-" ආආ.. ඇයි මොකක්ද උනේ.. ලෙක්චර් හෝල් එකට දුවන් ඇවිල්ලා ආපු ගමන් නිදාගත්තා මිසක් මට සිද්ද වුනු මෙලෝ දෙයක් කිව්වේ නෑනේ ඔයා.. "

මම හොබීට සිද්ධිය විස්තරෙ කරන්න හදනකොටම ලෙක්චර් හෝල් එකට දුවන් ආපූ කොල්ලෙක් දොර ගාව ඉදගෙනම මගේ නම කෑගැහුවා.. ,

-" ලියෝ.. ඔයාව හම්බවෙන්න කෙනෙක් ඇවිත්.. "

-" මාව..?"
මම පුදුමෙන් නැගිට්ටා..

-" කොහාටද.. ?"

-" infirmary එකට.. "

-" ඔහ්හ්.. "
මම යන්න නැගිට්ටම හොබීත් නැගිට්ටා..

-" මාත් එන්නම්.. කලින් වුනු දේ මතකයිනේ.. නෙගෙට්ලා එක්කෙනෙක්ට වඩා දෙන්නෙක් හොදයි.. "

මම හොබීත් එක්ක infirmary එක ලගට ගිහින් දොරට තට්ටු කරලා රූම් එක ඇතුලට එබුනා..

ජින් ඔප්පා එක්කම තව හෙන්රි අංකල්ගේ වයසේ විතර පිරිමි කෙනෙක් රෝද පුටුවක වාඩි වෙලා ඉදලා අපිව දැක්කම අත වැනුවා..

මායා ඇකඩමිය Where stories live. Discover now