9 කොටස

2.8K 686 127
                                    

author ගේ හෑල්ල 👇
කතාව 100 ට වඩා කියවනවා.. ඒත් වෝට් තියෙන්නේ 50 ක් විතර.. ඇයි අෆ්ෆා ඒ..

මේ කොටසට මගේ වෝට් ගෝල් එක 80 ක්.. බලමු සාර්ථක වෙයිද කියලා.. 😊😊

--------------------------

- " නෑ.. නෑ.. එහෙම බෑ හොබී.. ඔයා වොශ් දාගෙන එන්න.. මන් ඊට පස්සේ දාගන්නම්.. "

-" ඇයි බැරි.. අපි සේරම කොල්ලොනේ.. මොකටද ඔච්චර ලැජ්ජා වෙන්නේ.. "

-" මට හේතු තියනවා "

-" මම දන්නවා ඔයාගේ හේතුව.. "

හොබී එහෙම කිව්වම නම් මම ගැස්සිලා ගියා.. ඒ කියන්නෙ අද දවසට 3 වෙනියත් මම කෙල්ලක් කියලා දැනගෙනද?

-" ඇත්තටම ඒක එච්චර ලජ්ජ වෙන්න දෙයක් නෙවෙයි.. අපි ඔයාට හිනාවෙන්නේ නෑ කීයටවත්.. "

-" මොකක්ද හොබී කියන්නෙ.."

-" මට ඇත්තටම මෙච්චර කල් සැකයක් තිබුනා ඇයි ඔයා රෑ වෙලා එන්නේ කියලා.. මට අද තමයි හරියට හේතුව තේරුනේ.. "

-" අද..? අද මොකක් නිසාද තේරුනේ.. ?"

-" ඇයි ඔයා බීනුගේ බලේ ගැන ඇහුවේ.. බීනුට මනුස්සයෙක්ගේ ශරීර අවයවක් ලොකු පොඩි කරන්න පුලුවන්ද කියලා ඔයා අහපු වෙලාවේ තමයි මට හරියටම හේතුව තේරුණේ.. "

-" මොකක්.. මොකක්ද කියන්නේ.. බීනුවෙක් කොහෙන්ද සම්බන්ධ උනේ මෙතනට.. "

-" තවත් හංගන්න දෙයක් නෑ ලියෝ.. ඒක පොඩි උනා කියලා අපි ඔයාට හිනාවෙන්නේ නෑ.. "

මූ හෙන සීරියස් පිට මක්කා කියවනවද කියලා මම දහ අතේ කල්පනා කලා.. මම කෙල්ලක් බව ගැන නෙවෙයි කියන්නේ කියලා නම්  මට දැන් ශුවර්..

-" හොබී.. කියන දෙයක් තේරෙන්න කියනවද? මොකක්ද මගේ පොඩි? "

මම මල පැනලා හොබීගෙන් අහනකොට හොබී මගේ මූන දිහා බලලා ආයේ මගේ කලිසම දිහා බලලා ඇස් වලින් මගේ කලිසම පෙන්නුවා..

-" අරක.. "

මම ටිකක් වෙලා හොල්මන් වෙලා කල්පනා කරාම තමයි මට මීටර් උනේ මේකා මොකක්ද කියන්නේ කියලා.. මගේ බොක්ක යටින්ම ආපු හිනාවක් මම කම්මුල් දෙක පුරවගෙන නවත්ගත්තත් හොබීගේ සීරියස් මූන දැක්කම නම් ඒක තවත් පාලනය කරගන්න බැරුව මට බකස් ගාලා හිනා ගියා.. ලග තියන බිත්තියටත් හේත්තු වෙලා මම බක බක ගගා හිනාවෙද්දී හොබී නිකම් මූට පිස්සුද වගේ බැල්මකින් මගේ දිහා බලාගෙන හිටියා.. මගේ හිනා සද්දෙටද කොහෙද අනිත් ඇදන් වල සැපට නිදන් හිටපු සෙට් එකත් ඇදවල් වලින් නැගිටලා නිදිමරගාතේ ඇස් පොඩි කර කර මගේ දිහා බලාගෙන හිටියා..

මායා ඇකඩමිය Donde viven las historias. Descúbrelo ahora