19. 𝐓𝐫𝐚𝐩𝐩𝐞𝐝

461 115 53
                                    

Jungkook ඔලුව උස්සපු ගමන් උඩ හිටියේ Lisa හරියට වව්ලෙක් වගේ එල්ලිලා. එයාගෙ ඇස් දෙකෙන් වැටුන ලේ jungkook ගෙ නළල උඩට වැටුණා. එයාට Lisa දිහා නොබලලා දුවන්න හිතුනත් එහෙම කරේ නෑ මොකද මොනාහරි නරක දෙයක් වෙයි කියල එයාට හිතුනා.

Jungkook කලන්තෙ දාලා වැටෙන්න හදනකොටම එයාට දොරට ගහන සද්ද ඇහුන.

"Lisa... Jungkook දොර අරින්න" ඒ Taehyung ගෙ කට හඩ.

"මේ අපි" ඒ Rosie.

Jungkook පිටිපස්සෙන් පිටිපස්සට දොර ලඟට ගියා ඒත් කෙලින්ම Lisa දිහා බලාගෙන.

"ඇයි ඔයා දොර අරින්න ඔච්චර ප-ර--" Jennie කියන්න ගියත් බාගෙට නැවතුනේ ඇතුලේ වෙන දේ දැකල. Rosie හයියෙන් කෑ ගැහුවා. Jisoo බය වෙලා Jin පිටිපස්සේ හැන් ගුනා.

Lisa හැමෝම දිහා බැලුවා. ඇස් දෙකෙන් වැටෙන ලේ කදුලු වලට කම්මුල් රතු වෙලා. තොල් පෙති තනිකර කලු වෙලා. හම සුදු පාට වෙලා. බිම ලේ බිංදු වැටිලා තියෙනව.

එයා එකපාරටම හිනා වෙන්න ගත්තා.

ඒත් ඒ හිනාව එයාගෙ unnie ලයි oppa ලයි සතුටු කරපු හිනාව නෙවෙයි. Tae යි jungkook යි ආදරෙන් බැදුණු හිනාව නෙවෙයි. ඒක ගොඩක් භයානක හිනාවක් කාටවත් අහන් ඉන්න බැරි.

"දැන් කවුරුත් මේ ගෙදරින් යන්නේ නෑ" එයාගෙ කට හඩ සම්පූර්ණෙන් වෙනස් වෙලා. Lisa එහෙම කියපු ගමන් දොරවල් ඔක්කොම වැහෙන්න ගත්තා.

Jin දොර අරින්න හැදුවත් Lisa ගෙ කාමරේ හැමෝම හිර වෙලා.

"මේකනම් පිස්සුවක්" Jhope එහම කිව්වම උඩ එල්ලිලා ඉඳපු Lisa බිත්ති දිගේ එල්ලිලා ඇද උඩ ඉඳ ගත්තා. ඒත් එක්කම එයාගෙ අමුතු හිනාවත් තිබ්බ.

"අනේ lisa"

"Lisa? මොන Lisa ගැනද ඔයා කතා කරන්නේ?" ආයෙත් එයාගෙ භයානක හිනාවෙන් මුළු කාමරේම දෝන් කාර දෙන්න ගත්තා.

"කොහෙද Lisa කෝ එයා?" Jin ඇහුවා.

"ඔයා කියන්නෙ අර ලස්සන කොට කොන්ඩෙ තියෙන සුදු පාට බෝනික්කී ගැනද?"

"එයාව මට ආපහු දෙන්න" Taehyung කෑ ගැහුවා.

"දැන් එයා මගෙ"

---

Lisa ගෙ මුළු ඇස් දෙකම රිදෙන්න ගත්තෙ ඒ තද එළිය නිසා. එයා හිමිට ඇස් ඇරිය.

"කොහෙද මන් ඉන්නෙ" Lisa නැගිටලා වටපිට බැලුව. ඒත් මොනවත් නැ. පොලවක් නැ, බිත්ති නැ හැමතැනම සුදු පාට.

"Jungkook, Tae ඔයාලා කොහෙද?"එයා එතනින් දුවලා යන්න හැදුවත් හැමතැනම හිස් අවකාශය..

"මන් මැරිලද...

... සමහරවිට" Lisa එහෙම කියලා එයාගෙ අත් දෙක මූණේන් තියාගත්තා.

ටික වෙලාවකින් එයාට ඇහුන හරි ලස්සන කට හඬක්. එයා හිමිට හැරිලා බැලුවා. සුදු පාට ගවුමක් ඇද ගත්ත කෙනෙක්. හරියට දෙවගණක් වගේ.

"කවුද ඔයා" Lisa ඇහුවා.

"මගේ නම Han, Xiao Han" ඒ කෙනා හිනා වෙලා කිව්වා.

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.












ගොඩක් චුටි එකක්...

ගොඩ දවසකින් දුන්නෙ නැනේ එ්කයි හොම්දේ....

ඒක නිසා නෙවේ මම් ඔයාලට ආදරේ නිසා 🌚😂💕...

ඔයාලගෙ මේ potato අලේට ක්ෂමාව දෙම්න 🥔 😂💔

-ආදරණීය sayukookie😂පිත්තු පිත්තු

Anee මාව follow කරන අයටත් තැන්කූ. Vote, comment කලන අයටත් තැන්කූ ♡ 😂

𝐂𝐚𝐧𝐝𝐥𝐞 𝐂𝐫𝐚𝐜𝐤𝐞𝐝 𝐁𝐨𝐧𝐞 Where stories live. Discover now