21. 𝐈 𝐋𝐨𝐯𝐞 𝐘𝐨𝐮

728 116 65
                                    

Jisoo වගේම අනිත් අය හිටියේ දොර ළඟ හැංගිලා. ඒත් Jungkook යි Tae යි ඩෙවිල් Lisa ඉස්සරහ හිටගෙන හිටියා.

"මොකද වෙලා තියෙන්නෙ ඇයි මට භය නැද්ද? මන් හොඳ නැද්ද?" එයාගෙ අමුතු හිනාවත් එක්ක කිව්වා.

"හොඳ හිතින් Lisa ව ආපහු දෙන්න" Jungkook ඔරවව්වා.

"මන් තමුන්ට කී පාරක් කිව්වද එයා ආයෙත් එන්නේ නෑ"

"එයා ආයෙත් එනවා" Taehyung කිව්වා.

"ආ ඇත්තද? ඒත් කොහොමද?"

"එයා ඔයා හිතනවට වඩා ශක්තිමත්" Taehyung එහෙම කිව්වම හැමෝගෙම හිතේ පොඩි විශ්වාසයක් ඇති උනා. ඒත් ඩෙවිල් Lisa නම් මේකට ගොඩක් තරහ ගියා.

"එහෙනම් Lisa ව අත ඇරලා මාව ගන්න" Jungkook ගෙ කීමට හැමෝම බැලුවා.

"නැ නැ මාව ගන්න Lisa ට යන්න දෙන්න" Jennie එයාව අයින් කරලා ඉස්සරහට ආවා. Yoongi මේකට කැමති උනේ නැ එයා Jennie ව ඇදලා ගත්තා.

"මායි වැඩිමල් මාවයි ගන්න ඕනි" Jin මැද්දට පැනලා කිව්වා.

එතනින් පස්සෙ හැමෝම රණ්ඩු කරේ කවුද Lisa වෙනුවට ගන්න දෙන්නේ කියලා.

ඒ අස්සේ Taehyung ට දැනුන පුංචි කෙඳිරි ගාන සද්දයක්. ඒත් මේ කට්ටිය කෑ ගහන සද්දෙ නිසා ඒක හරියට ඇහෙන්නේ නෑ නේ. එයා ඒකටම අවධානය දෙන්න හැදුවා.

"කවුද ඔයා" Taehyung ඇස් දෙක වහගෙන හිතින් ඇහුවා.

"මේ මන් Lisa" ඒ කට හඩ කිව්වා.

එයා කෙලින්ම බැලුවේ රණ්ඩු වෙන යාළුවෝ දිහා ඒ වගේම රණ්ඩුව බල බල හිනා වෙවී ඉන්න ඩෙවිල් Lisa දිහා. එයාට විතරයි ඒක ඇහෙන්නේ.

"අහ-- -ඩක් වෙ- නැ ඔයා --ව ---න්න" Lisa ගෙ කට හඩ ඇහුනේ අපැහැදිලිව.

Taehyung එයාගෙ අවධානය දෙන්න හැදුවා.

"Lisa මට ඔයාව ඇහෙන්නේ නෑ" එයා හිතින් හිතුවා.

"ඔයා ම ---න්න"

"ඒ ---කම විදිය" Lisa කැඩි කැඩි කියන ඒවා හොයාගන්න හරි අමාරුයි.

"මොකක් ආයෙත් කියන්න" Taehyung හිතුවා.

අන්තිමට ඒ වචන ටික ඇහුන...

"ඔයා මාව මරන්න" ඒ සද්දෙ හිමිට බොඳ උනේ Taehyung එයාගෙ අන්තිම තීරනේ ගන්නකන්.

𝐂𝐚𝐧𝐝𝐥𝐞 𝐂𝐫𝐚𝐜𝐤𝐞𝐝 𝐁𝐨𝐧𝐞 Место, где живут истории. Откройте их для себя