හැඳින්වීම 🐒

5.3K 505 122
                                    

ටෙස්ටින් වන් ටූ ත්‍රී..🤧🎤📢📢
ටෙස්ටින් වන් ටූ ත්‍රී....📢📢🎤

සභාවෙන් අවසරයි මන් මෙතනට පැමිණියේ මගේ තුන්වෙනි කතාවෙ හැඳින්වීම කරන්නයි...... 🤧🤧

Black & White ලියල  හොම්බෙන් ගිහින් ඉන්න වෙලාවක ආයෙ කතාවක් ලියන්න තමයි යන්නෙ..කතා ගොඩක් තියෙන නිසා එවා කියවලා ජොලියෙ ඉන්න හැදුවත් හරි ගියේ නෑ.. මුන් මාව කන්න හදනවනෙ කතාවක් ඕනි කියලා... මුලින්ම කියන්නම් කතාව ගැන පොඩි අදහසක් තිබ්බට තාම ලොකුවට මටවත් හිතා ගන්න බැ මොනව වෙයිද කියල.. ඒ නිසා කියවන අයගෙ අදහස් එක්ක ගොඩක් දුරට කතාව ලියවෙවි.. කියවන මගෙ ශුඩු රීඩර් බබාලට කියන්නෙ black & white එකෙ වගෙ කමෙන්ට් නොදා නම් ඉන්න එපෝ.. මරාගෙන මැරෙන්න වෙන්නෙ ඒම උනොත්.. (හරි ඉතිම් ඒකෙ කොහොම කමෙන්ට් කරන්නද කතාව කියවන අය ඔක්කොම ෆුල් හොල්මන් වෙලානෙ හිටියෙ....)

ආහ්.. කියන්න අමතක උනා මේක Riya වගෙ කතාවක්... ඒ තරම්ම සාර්ථක වෙයිද කියල මන් දන්නැ.. ආ.. දැන් ඕපදූප ඇහුවා ඇතිනෙ කතාව පැත්තට යමු.....

මන් මේකෙ හැදින්වීම කරන්න යන්නෙ කෙල්ලගෙ පැත්තෙන්.. ඒ වගේම ලොකු හැදින්වීමක් කරන්න යන්නෙ නෑ... ff එකක් නිසා මේකෙදි idolව දකින්න එපා. කතාව ඩේලි දෙන්න නම් වෙන්නෑ.... ඒ නිසා පොඩ්ඩක් පරක්කු උනොත් ගනන් ගන්න එපා

〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️

#ස්නේකි (snakey)

#හැඳින්වීම

💕ස්නේකි 💕

හායි.. අන්‍යොන්සෙයො...

මන් ස්නේකි... ස්නේකි කිව්වට මගෙ ඇත්තම නම ස්නේකි නෙවෙයි.. මට තියෙන්මෙ තනිකරම පරිප්පු හොදියි බෝල්ට් ඇණයි වගේ ගැලපෙන්නෙ නැති එලවටත් නැති මෙලොවටත් නැති මහ කුනුහර්ප නමක්... 😣ඒක අහන්න එපා මන් කියන්න කැමති නෑ.. මගෙ නම කියවන්න යන හැම කොරියන් කාරයෙක්ම  පුදුමාකාර තරම් අසරණ වෙනවා..😏 එතකොට මන් හයිබ්‍රිඩ් කෙල්ලෙක්... වයස 24යි.. මන් ගැන විස්තර ඉස්සරහට කියන්නම්... මන් මේ ලෝකෙ ඉන්න හැමෝටම ආදරෙයි එක්කෙනෙක්ට ඇරෙන්න...

💕Min yoongi 💕

ආ... මේ ඉන්නෙ මන් මේ ලෝකේ ආදරෙ නැති එකම කෙනා..මෙයාට වඩා මන් කැරපොත්තෙක්ට, කුරුණිණියෙක්ට, පණුවෙක්ට, ඩයිනසෝර් කෙනෙකුට උනත් කැමතියි ආදරෙයි.... මෙයා bts කියන බෑන්ඩ් එක්ක කෙනෙක්ලු.. ඉතින් මට පාන්ද..? අදාලම නෑ..

එයාගෙ හෙන අලි ඔලුව... ලොකුයි කියලද දන්නැ හිත ඉන්නෙ...😒 හරි හරි මාත් කාලයක් ඒ සින්දු ඇහුවා තමයි මට දැන් ඕවාට වෙලා නැහ්.. 😏එතකොට ඇයි මන්  එයාට අකමැති... ඒක මන් වත් දන්නෑ... ඒ මනුස්සය මට කරපු දේකුත් නෑ ඒ උනාට මට පේන්නත් බෑ....

💕සඳී💕

මගෙ පාපතර මිත්‍රයා.. ඕනි මගෝඩි වැඩකට බොක්කෙන්ම සප් එක දෙන මගේ  අපාය සහයකයා.....

💕පාක් මින්සික්💕

ආ.. පාක් මින්සික්ද...? එයා මගේ හරබොජි.. පොඩ්ඩක් නට් ලූස් උනාට කොටිපති ව්‍යාපාරිකයෙක්..🙈 හරියටම කිව්වොත් කොරියාවෙ අංක එක මෙයා... දෙයියනෙ කියල මන් දාගන්න කරදර වලින් බේර ගන්න  වගේම මාව කරදර වල දාන්න ඉන්නෙත් මෙයා තමයි...

💕 නිලූ දිසානායක💕

මගේ ගම්මිරිස් ඇටේ.... මගේ නයි කොච්චි කරල... ඒ කව්ද...? දන්නැ නේද... ඔක්කොම ඕපදූප එකපාර කියන්න බෑ පස්සෙ කියන්නම් මට මහන්සියි... 😒

මන් ගැන දැනගන්න ඕනිද....? ඕනි නම් ඉතින් ඉස්සරහට කතාව කියවන්න.. ආ කියන්න අමතක උනා ඔය පහලින් ඉන්නෙ ස්නේකි කියන හුරුතල් කෙලි පැටික්කියි 😍 මින් යුන්ගි කියන අලි ඔලුවායි... 😒😒

 😒😒

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මන් ගියා ටටා බායි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මන් ගියා ටටා බායි....

️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰

🙈 Snakey 🙈 [COMPLETED]Where stories live. Discover now