Episode 17 🐒

1.7K 387 227
                                    

මන් කිචන් එකට ගියා.. ආයෙම ආවා..  ආයෙම ගියා..  ආයෙම ආවා.. ආයෙම ගියා.. ආයෙම ආවා.. ආයෙම ගියා.. ආයෙම ආවා..

🔽"යා.. තමුන් මොන මගුලක්ද ඔය කරන්නෙ..?"

🔹"හරි හරි.. මේ යනවා.. "

මන් ගේ පුරාම ඇවිද ඇවිද හෙව්වෙ මගෙ බෑග් එක.. ගෙදර ඉදන් එනකොට නිකමට වගෙ හිතල මන් ඇදුම් අස්සෙ අම්මගෙ තුනපහ බෝතලෙයි වැනිලා බෝතලෙයි දාගෙන ආවෙ නිකමට වගෙ මේ දෙකෙන් වැඩක් ගන්න පුලුවන් වෙයි කියල මගෙ කිරි ටොයිං මොලේට තේරුම් ගිය නිසා...

🔹"ඕන වෙයි කියල හිතුවට කව්ද ශුඩූ හිතුවෙ මේ තරම් ඉක්මනට ඕන වෙයි කියලා... උම්ම්ම්ම්ම්මා..."

මන් බෝතලේට කිස් එකක් දෙන ගමන් කට්ට කෛරාටික වෙට්ට පිත්තල හිනාවක් දාගෙනම හෙමිහිට කිව්වෙ අර බිලාලයගෙ පූස් කන් දෙකට ඇහෙන්නෙ නැති වෙන්න..... දෙන්නම් මන් අද බිලාලයට තැම්බුම් හොද්දක් සීනිත් දාලම...

🔹"මුලින්ම කෝපි හැන්දයි.. ඊළඟට තුනපහ හැදි බාගයයි... සීනි හැදි තුනයි..ලුණු හැන්දකුත් දානවද...? එක්කො ඕනි නෑ... ම්ම් ඊළඟට වතුර... හරි දැම්මා.. ආහ්.. තව පොඩ්ඩකින් අමතක වෙනවා.. ගම්මිරිස්.. තව වැනිලා රස පදමට....වනිලා දාන්න ඕනි වැනි වැනි .... ඌප්ස් වැඩි උනා නේද.. වැනුනා වැඩි උනා ඒකයි... කමක් නැ මන් බොන්නෙ නැනෙ... 😂"

(සැයු:- අත්හදා බැලීමෙන් වලකින්න.. 😂 ඕනි නම් බීපල්ලා.. හැදෙන ලෙඩවල් වලට මන් වග කියන්නැ 😂)

🔹"යා..  හොටබරියො ඔයා දන්නවද ඔයාට මේ ආත්මෙට මේ තරම් රස කෝපි එකක් නම් බොන්න ලැබෙන්නැ කියලා....  ආව මෙතන මට කියල කෝෆි හදව ගන්න...😏 පව් ඉතිම්... නිවෙන්න කලින් ගිහින් දෙන්න ඕනි...."

මන් සේප් එකෙ කොෆි එක මග් එකකට දාල නිකමට වගේ සුවද බැලුවෙ වැඩෙ ගැස්සෙයිද කියල හිත හිත.. කෝෆි එකෙන් ආපු සැර ගදට ටිකක් විතර ඔක්කාරෙටත් ආවා වගෙ.. කොෆි එකට පර්ෆියුම් එකක් ගහන්න හිතුනත් ඔය යකා නිදිමරගාතෙ බීගෙන යයි කියල හිතුණු නිසාම මන් පරක්කු නොකර මගෙ අලුත්ම රෙසිපියකට හදපු කෝෆි එකක් වෙන ඒත් කෝෆි එකක් නොවෙන නමක් නොදන්න එකත් උස්සගෙන ගියේ අලි ඔළුවා ඉන්න තැනට..

🙈 Snakey 🙈 [COMPLETED]Where stories live. Discover now