Episode 11 🐒

1.5K 385 183
                                    

Yoongi prov...

ඊයෙ දවසෙම ගොඩක් මහන්සි උණු නිසා ඒතරම් රෑ වෙනකන් ඉන්නෙ නැතුව වේලාසනම නිදාගන්න කියල හිතා ගෙන මන් රූම් එකට ගියත් සෙයුල්ගි ගැන මතක් වෙද්දි තිබුණු නිදිමතත් ඉබේටම නැති වෙලා ගියා.. සෙයුල්ගිගෙ වැරදි අතටම අහු උනායින් පස්සෙ ඒ හැම දෙයක්ම ඔප්පු කරල පෙන්නලත් සෙයුල්ගි කිසිම ලැජ්ජාවක් නැතුව තාමත් මගෙ පස්සෙන් හැම තැනටම එන එක දැන් නම් මට මානසික වදයක් වෙලා.. එදා මන් හැම දෙයක්ම මගේ ඇස් වලින්ම දැක්කා කියල නොදන්න නිසාමද මන්දා මන් පෙන්නපු හැම ෆොටෝ එකක්ම එඩිට් එකක් කියල ඒකට ජිමිනාවයි හේසොක්කාවයි අහු කරල සෙයුල්ගි නටපු නාඩගම මතක් වෙද්දි මට සෙයුල්ගි ගැන තිබ්බ අප්පිරියාව තවත් වැඩි උනා... එදා අර ඇඟේ හැප්පුණු කෙල්ල නොහිටින්න.. ඒ කෙනාගෙ මාලෙ නොතිබෙන්න මාත් සෙයුල්ගිගෙ හැම වචනයක්ම පිළිගෙන මගේම සහෝදරයො එක්ක රණ්ඩු කරන්න තිබුණා නේද කියල හිතෙද්දි මට මාත් එක්කම තරහක් ආවා..

සෙයුල්ගිව මගැරල ඉන්න අන්තිමට මන් හිතා ගෙන නිදාගන්න හැදුවා විතරයි මගෙ කකුලෙන් කවුරු හරි කෙනෙක් අල්ලනව මට දැනුනා.. ඒ එක්කම මොකක් හරි තුඩක් වගේ එකකින් ඒ කෙනා කකුලට ඇන්නා..

"ආව්.."

මන් කෑ හැහුවෙ රිදුනු නිසා නෙවෙයි එකපාරටම හිතුවෙවත් නැතුව ඒ උණු දේ නිසා ඇති උණු බයත් එක්ක.. මේ මහ රෑ apartment එකෙ කවුරුවත් හිටියෙ නෑ.. මේ වගේ දේවල් පොඩි උන් තුන් දෙනා මට කලත් මේ එයාල වෙන්න බෑ.. එයාලට මන් නැතුව මේකට එන්න බෑ...  කොල්ලො කාටවත් ඇතුලට එන්න විදිහක්වත් නැත්තෙ ඒ කවුරුවත් පාස්වර්ඩ් එක දන්නෙ නැති නිසා...

"හොරෙක්.. ඔව් හොරෙක් තමයි..."

හිතට ආපු සැකේ එක්ක මන් හොදට ඒ කෙනා දිහා බැලුවා.. ඇස් වලට අඳුර හුරු වෙනකොට මට යන්තමට ඒ ජායාව හෙලවෙන හැටි පේන්න ගත්තා.. මන් හෙමීට ළඟම තිබුණු කොස්ස අමාරුවෙන් සද්දයක් ඇති වෙන්නෙ නැති විදිහට අර ගත්තා.. ඒ එක්කම අර කෙනා පැනල යන්න හදනකොටම මට පුලුවන් උපරිම ශක්තිය දාල ඒ කෙනාගෙ ඔළුවටම ගැහුවෙ හොරා එකපාරටම බිමට ඇදගෙන වැටෙද්දි..

ඉක්මනටම රූම් එකේ ලයිට් එක දාලා මේ මිනිහාව පොලීසියට අල්ලලා දෙනවා කියල හිතා ගෙන මන් ගියේ ඒ කව්ද බලන්න.. තනි කළුපාටින් මහ විකාර ඇදුම් වගයක් ඇදගෙන හිටපු ඒ කෙනා කෙල්ලෙක් කියල තේරුණේ මන් ඒ කෙනාට ළං වෙද්දි...  මන් ඒ කෙනා මූන වැහෙන්න දාගෙන හිටපු කළු රෙදි කෑල්ල අයින් කලා..

🙈 Snakey 🙈 [COMPLETED]Tempat cerita menjadi hidup. Temukan sekarang