Episode 8 🐒

1.7K 371 268
                                    

මන් හෙසොක්කාටත් බැනලා ආයෙම airport එකෙන් ආවෙ හොටෙල් රූම් එකකට.. ගාඩ්ලත් දෙතුන් දෙනෙක් ආපු නිසා මට ඒ තරම් ගානක් උනේ නෑ... අනිත් හැමෝට ආපස්සට කොරියාවට යද්දි මන් විතරක් ලොස් ඇන්ජලීස් වල පැය ගානකට  තනි උනා..

තරහින්ම හොටෙල් රුම් එකට ඇවිත් මගෙ බඩුත් විසි කරලා රූම් එකේ ඇද උඩ වාඩි උනේ උනත් ඒ වෙලාවෙ හොබියාට කතා කරපු හැටි වැරදී කියල මට දැන් හිතෙන්න අරන්.. ඒත් මේ දේවල් කොහොම ඉවසන්නද..? මේ වෙනකොට සෙයුල්ගි නිසා හිත රිදුනා වගේම හෙසොක්කට මන් කතා කරපු විදිහ නිසාත් මගෙ හිත රිදිලයි තිබුණෙ..

සෙයුල්ගි කියන්නෙ මගෙ ආදරෙ.. පලවෙනි ආදරෙම නොවුනත් මීට අවුරුද්දකට කලින් එයා මගේ ආදරෙ උනේ හිතුවෙවත් නැති වෙලාවක.. සෙයුල්ගිගෙ අප්පා businessmen කෙනෙක්.. සෙයුල්ගිව මට මුලින්ම හම්බුනේ මගේ හ්යොන්ග් ඒ කියන්නෙ ගුම් ජේ හ්යොන්ග්ගෙ යාලුවෙක් නිසා උනත් අපි ආදරෙ කරනව කියල දැන ගත්තම ජිමිනා, හේසොක්කා විතරක් නෙවෙයි මගේම හ්යොන්ග් වගේම හ්යොන්ග්ගෙ ඒ යාලුවා පවා ඒකට අකමැති උනා... මුල ඉදන්ම ජිමිනාට වගේම අනිත් හැමෝටම සෙයුල්ගිව පේන්න බැරි තරම්.. ඒ කිසිම කෙනෙක් කිසිම වෙලාවක සෙයුල්ගිට හොදින් සැලකුවේම නැති තරම්... ඒකට හේතුව මට හිතා ගන්න බැරි උනත් කිසිම කෙනෙක් මේ ළඟක් වෙනකන් මට එක වචනයක් කිව්වෙ නෑ... ඒ උනත් දැන් මාස දෙක තුනකට විතර කලින් ඉදන්ම හේසොක්කා සෙයුල්ගිට වෙන affair එකක් තියේ කියල මට පෙන්නන්න හැම වෙලාවෙම ට්‍රයි කරන එක මට මේ වෙනකොට ලොකු වදයක් වෙලා තිබ්බා...

මන් රූම් එකට වෙලා ඔහෙ බලන් හිටියෙ ඊළඟ ෆ්ලයිට් එකට තව පැය දෙකක් විතර තිබුණු නිසා...
.
.
.
.
.........time passed.....

@ dorm

Author prov...

යුන්ගි ඩෝම් එකට ආවෙ අනිත් අය ඇවිත් පැය තුනකට විතර පස්සෙ.. කොල්ලා මේ වෙනකොටත් තමන්ගෙ හැසිරීම ගැන එක් පැත්තකින් දුක් උනත් අනිත් පැත්තෙන් කොල්ලගෙ ආඩම්බර හිත කිව්වෙම ඒ දේ නිස කට්ටියම සෙයුල්ගි ගැන බොරු වැරදි නොකිය ඉන්න පරිස්සම් වෙයි කියලයි.. ඒ නිසා ඒකට සමාවක් ගන්න ඕනි කියල යුන්ගිට මේ වෙලාවෙ හිතුනෙ නෑ...

🙈 Snakey 🙈 [COMPLETED]Where stories live. Discover now