සයවන ආරාධනාව
ගුරුනේවාසිකාගාරයේ බිත්ති ඔරලෝසුව තත්පරයෙන් තත්පරය මිනිත්තුවෙන් මිනිත්තුව අනාගතය වර්තමානයක් කරා . ඒ ගෙවෙන සෑම තත්පරයක් පාසාම නේහාගේ සිතේ හැගුම් අළුතින් පූදින්නත් ඒ පූදින හැගුම් සිතතුලම තටු දිගහැර පියඹායන්නටත් පටන් ගන තිබුනා.
" අනුරාධීට කෝල් එකක් ගන්න කිව්වා බන්... උඹ ආපහු ඒකී එක්ක වලියක් ඇල්ලුවද "
ලවන්‍යා කීවේ පැය ගානක් අහකට කර තැබූ නේහාගේ ජංගම දුරකථනය ඇයට ගෙනවිත් දීමෙන් පසුවයි.
ඒ පාර ලවන්යාටත් කියලා ඇත්තමයි මේ මනුස්සයා නම් , ලවන්යාත් මොනව හිතනවද දන්නෙ නෑ. දැන් ෆෝන් එක ඔන් කරහම මැසේජ් දාහක් විතර එයි. අයියෝ .....😩
නේහා ෆෝන් එක ඔන් කරේ පෙර සුදානමක් සමගයි. ඇය සිතු අන්දමට අනුරාධීගෙන් කෙටි පනිවිඩ විස්සකට අධික ප්‍රමාණයක් ....." බටර් ගෑවට මාව එහෙම ලේසියට යාළු කරගන්න බෑ. "
නේහා, අනුරාධී එවූ සෑම කෙටි පණිවිඩයක්ම කියෙව්වේ තනිවම මුමුණනමින් සිනාසෙමින්." පිස්සියෙක්. "
ඇගේ මුවගට සිනහවක් ආවේ අනුරාධීගේ ලමා මානසිකත්වයට.මාස දෙකකුත් ගෙවුනා මට හිතෙන්නේ මම දැන් හැමෝටම වඩා ලග අනුරාධීට . දුරින් හිටියත් අනුරාධී තරම් මාව තේරුම් ගත්ත කෙනෙක් නම් තවත් නෑ.
ඇගේ කල්පනාව දැන් නිතරම අනුරාධී ගැන, ඇයට නෝතේරෙන්නේත් මේ ඇතිවන හැගුම්
ගිය සතියේ අනුරාධීගේ විනෝද චාරිකාවේ ජයාරුප දැක ඇයට ඇතිවූයේ ඊර්ෂ්‍යාවක්... අනුරාධී ඇය නොදන්න වෙනත් ගැහැණු ලමයෙක්ට තුරුළු වී සිටීම ඇයගේ ඊර්ෂ්‍යාවට හේතු වුනා." ක්රීං ක්රීං "
නේහාගේ දුරකථනය නැවත වතාවක් වයිබ්රේට් වූයේ අනුරාධීගේ කෙටි පණිවිඩයක් නිසා..." චූටී ටීචර් තවම තරහයිද මා එක්ක . "
නේහා එය හඩ නගා කියෙව්වේ අනුරාධීගේ භාෂා විලාසය අනුකරනය කරමින්.
" මටත් පිස්සු හැදෙනවා මේ කෙල්ල නිසා "
නේහා දුරකථනය පසෙකලා දිවගියේ සාලයට.ප්‍රේමය පලමුව දැනෙන්නෙ හදවතට , එකම බැල්මකින් එක වචනයකින් ප්‍රේමයක් ඇති වන්නට හැකිද , නැතිනම් පැය එකසිය හැට හතරකින් පුංචි ප්‍රේමණිය බීජයකට මුදුන් මුල සිතේ ඇති කරන්නට පුළුවන් වෙද ,
එය කෙසේවෙතත් නේහාගේ ප්‍රේමය දළුදා වැඩෙන පුංචි ශාකයක් , ඇයට හොරාටම ඒ ප්‍රේමය ඉක්මනින් ඵල ලන දිනය වැඩි ඈතක නොවේ.
![](https://img.wattpad.com/cover/265902986-288-k272654.jpg)
YOU ARE READING
COME TO ME || G×G
RomansaLove is not about finding the right person but creating the right relationship. It's not about how much love you have in the beginning but how much love you've built in the end. Neha , A young woman lost in love Anuradhi , A young woman living with...