Chapter 13

1.3K 300 70
                                    

" බ....බකුස්සා...හ්‍යුන්ග්ට කවුද ඒක කීවේ...? "

" අ....අනී අනී....කවුරුත් කීවෙ නෑ...මේ...ඒක මට කොහෙදි හරි ඇහුනා..."

ජිමින් හිනාව තද කරගෙන වගේ මගෙන් අහනකොට මම ලැප් එකත් අරගෙන සෝෆා එකෙන් නැගිට්ටෙ තව වෙලා ඉදියොත් මට වෙන දේ ඉවෙන් වගේ දැනුන නිසයි....

" හ්...හ්‍යුන්ග් කොහෙද යන්නේ...? මම දන්නවා ඒකෙ තේරුම "

මම රූම් එකට යන්න පඩිපෙල නගිනකොට ජිමින් පහල ඉදන් කෑ ගැහුවත් මම ඇහුන්නෑ වගේ ලැප් එකත් අරගෙන උඩට දිව්වේ ඒක මම ම හොයාගන්න එක හොදයි කියලා හිතුන නිසා..කාමරේට ගිහින් නිදාගෙන ඉදපු කුකීගේ එහාපැත්තෙන් ඉදගෙන ලැප් එකේ බකුස්සා කියලා සර්ච් කලත් ඒ වෙනුවට ආවේ බකමූනන්ගේ පොටෝස් ටිකක්...

" බ...බකමූනො.? ඒ කියන්නේ බකුස්සා කියන්නේ බකමූනටද...? ඒත් බකමූනා නොකියා බකුස්සා කියන්නෙ ඇයි...? ආ....යිශ් මට තේරෙන්නැ මේ කෙල්ලව "

කොච්චර හෙව්වත් ආවේ එකම දේ නිසා මම ලැප් එක වහල දාලා කුකී දිහා බලනකොට කුකී ඇගේ හිරි අරින ගමන් ඇස් ඇරියා...

" කුකී දැන් අඩුයිද...? "

" දේ හ්‍යුන්ග්....හ්‍යුන්ග් මට එලියට යන්න ඕනි...ඇඳේම ඉදලා එපා වෙලා "

" අරස්සෝ යමු "

මම එහෙම කියන ගමන් කුකීව එක්කගෙන පහලට ගියෙ දවස් ගානක් තිස්සේ ඇඳේම ඉදපු නිසා කම්මැලි ඇති කියලා හිතලා.ඒ වගේම කුකී නැගිටලා ඉන්න එක මගේ හිතට ලොකු සහනයක් උනා...කුකීවත් අල්ලගෙන පහලට යනකොට මොනවදෝ කුටු කුටු ගගා ඉදපු ටේයුන් ජිමින් හොබී තුන්දෙනා කුකීව දැකලා ඇවිත් කුකීව මගෙන් එයාලගේ අත් වලට අරගෙන ගිහින් සෝෆා එකෙන් ඉන්දුවා..

" ඒයි හා පැටියො....දැන් සනීපයිද...? "

" දේ..ටේයුනා...දැන් හොදයි...."

" කොහොම හරි දවස් ගානක්ම අපෙන් සලකුම් ගත්තා නේද...? ඉන්නවකො මම ඒවට හරියන්න සනීප උනහම වැඩ ගන්නම් "

" අනේ ජිමිනා මේ මටනම් බෑ අර කෙල්ලට ඔයා දෙන තෑගි එහෙම ගිහින් දෙන්න..."

කුකී එකපාරටම කියාගෙන යනකොට  මම බැලුවේ ජිමින් දිහා...ජිමින් මා දිහා බල බලා කුකීට වැලමිටෙන් අනින්න පටන් ගත්තා...ඒත් කුකීට ඒක ගානක් උනේ නෑ....

CHOCO GIRL ️🍫👩‍💻 ||KSJ|| (Completed )Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ