Chapter 31

1.1K 293 45
                                    

පැය භාගයකට විතර පස්සෙ ගෙදරට එනකොට ගෙදර එකම කාලගෝට්ටියයි....ගෙට ඇතුල් වෙනවත් එක්කම මම දැක්කෙ නිආගේ බොන්සායි පැලේ...

" මමයි කපන්නේ...."

" අනී.....මමයි කපන්නේ..."

" ඔය දෙන්නම නෙමෙයි මේක කපන්නේ මම..."

ටේයුන්ගෙයි කුකීගෙයි වලිය මැද්දට පැනලා නම්ජුනා දෙන්නටම සැර දානකොට පොඩ්ඩො දෙන්නා බුම්මගෙන පැත්තකට උනා....මම අඩියට දෙකට ගිහින් ඉක්මනින් පැලේ අතට අරගත්තේ තව වෙලා තිබ්බොත් මේකේ අතු කෑල්ලක්වත් හොයාගන්න බැරි වෙනවා කියලා දන්න නිසා....

" ඔ....හ් හ්‍යුන්ග් ආවද ?..කොහොමද හ්‍යුන්ග් ගිය වැඩේ."

මාව දැකලා නම්ජුනා බයෙන් වගේ බිම බලාගන්නකොට හොබී ගිය ගමන ගැන විස්තර අහන්න පටන් ගත්තා.....

" හැමදේම හොදින් උනා හොබී...ඒ මාර්ගෙන් මම ශේනා ඉන්න තැනත් හොයාගත්තා...."

" වා....හ් චින්චා ? "

" දේ...හැමදේම හොදින් උනා...දැන් මට කියන්නකො මේ බොන්සායි පැලේ අරගෙන කට්ටිය මොකක්ද කරන්නේ කියලා "

" හ්‍යුන්ග් ඒක සරුවට හැදිලා නැති නිසා මම ඒකට අලුත් පස් දාලා මුල් කපන්න හැදුවේ "

නම්ජුන් උත්තර දෙනකොට මම නම්ජුන් දිහා බැලුවේ පුදුමෙන් වගේ....

" නම්ජුනා බොන්සායි ගැන දන්නවද ? "

මම අහනකොට නම්ජුනා ඔවු කියන්න ඔලුව වැනුවා..

" චින්චා....? මම මේක හොදට හදාගන්න කෙනෙක් හොයන්න ඉදියේ..නම්ජුනාට විස්වාසයිද ? "

" දේ...මම කරන්නම් හ්‍යුන්ග්...කැම්පස් ඉන්න කාලේ මම හොස්ටල් එකේදී පැලයක් හැදුවා.රිසර්ච් එකකුත් කලා "

" මෝ....? වා...හ් එහෙනම් වැඩේ පටන් ගන්නකො "

මම නම්ජුනා අතට බොන්සායි පැලේ දෙන ගමන් බැලුවේ පොඩ්ඩො ටික දිහා...කට්ටිය තාම මූනු බෙරි කරගෙන...

" මම තුන්දෙනාටම පැල තුනක් ගෙනැත් දෙන්නම්..මුලින්ම නම්ජුන් හ්‍යුන්ගෙන් අහගන්න බොන්සායි ගැන "

එතකොටනම් කට්ටියගේ මූනේ නසරානි හිනාව ඇඳුනා...කට්ටිය එක්ක ටිකක් වෙලා ඉදලා මම වොශ් එකක් දාගෙන ඉක්මනට පහලට ආවේ නම්ජුනා පැලේ නඩත්තු කරන හැටි බලන්න ආසාවෙන්මයි...මම එනකොට නම්ජුනා පොඩි තුන වට කරගෙන වැඩේ කරන්න ලෑස්ති වෙනවා....මාත් ඇවිල්ලා සෝෆා එකෙන් ඉදගත්තේ හොබී ගෙනැත් දීපු කොෆී එක බොන ගමන්..

CHOCO GIRL ️🍫👩‍💻 ||KSJ|| (Completed )Where stories live. Discover now