Chapter 02

1.6K 329 6
                                    

මෙච්චර කල් ඔළුවේ තිබුණු ප්‍රශ්නෙට විසඳුමක් ලැබිලද කියලා සැකෙන් මම ෆෝන් එක ආන්ස්වර් කරලා යොන්ගිට ඇහෙන්නත් එක්ක ලවුඩ්ස්පීකර් දැම්මා..

" යොබොසොයෝ ඔෆිසර් ජී වුක් "

" යොබොසොයෝ මිස්ටර් ජින්...අපි අර වාහනේ නම්බර් එක ගැන හොයලා බැලුවා..ඒත් ඒක වලංගු නම්බර් ප්ලේට් එකක් නෙමෙයි...ඒක නිසා මිස්ටර් ජින් ට ගොඩක් පරිස්සම් වෙන්න වෙනවා.. "

" චි....චින්චා...? ඒ... ඒකියන්නේ ඒක රෙජිස්ටර් වුනු නම්බර් එකක් නෙමෙයිද..? "

" දේ මිස්ටර් ජින්....මට පේන විදිහට ඒක මිස්ටර් ජින් වෙනුවෙන්ම හදවපු එකක් වගේ....කොහොම උනත් ආයෙමත් ඒ වගේ සැක සහිත දෙයක් උනාද බලන්නයි මම මිස්ටර් ජින්ට ගත්තේ..."

" අ.....අනී....අනී....ඊට පස්සේ කිසිම වෙලාවක මම ඒ වාහනේ දැක්කෙත් නෑ..මාව ෆලෝ කරනවා වගෙ දැනුනෙත් නෑ... "

" ඕහ්....අරස්සෝ මිස්ටර් ජින්..සමහරවිට මිස්ටර් ජින්ගේ බිස්නස් ගැන ඇහැ ගහගෙන ඉන්න කෙනෙක් වෙන්නත් පුලුවන්...කෝකටත් කල්පනාවෙන් ඉන්න...තොරතුරක් ලැබුණොත් ඒ ගමන්ම මම මිස්ටර් ජින්ට දැනුම් දෙන්නම්...චුසිම්හේ "

" දේ....කම්සාහම්නිදා ඔෆිසර් ජී වුක් "

මම පොලීසියෙන් ආව කෝල් එක කට් කරලා යොන්ගි දිහා බැලුවේ කිසි දෙයක් හිතාගන්න බැරි හිස් හැඟීමකින්....

" යොන්ගියා මේක විස්වාස කරන්න පුලුවන්ද...?
වෙනස්ම නම්බර් ප්ලේට් එකක්...? ඒක මම වෙනුවෙන්...? ඒත් කවුද...? ආ....යිශ්....අතීතේ දේවල් නිසා වෙන්න පුලුවන්ද..? ඒත් කොහොමද...? ඒ හැම කෙනාම අද ඉන්නේ ඇතුලෙනේ...? යා....හ් "

හිතට ආව තරහට මම මේසේ උඩ තිබුණු ෆයිල්ස් ටිකට ගහපු පාරට ඒ ටික සීසීකඩ බිම වීසි උනා...

" හ්‍යුන්ග්....කලබල වෙන්න එපා....හ්‍යුන්ග් අපි පොඩ්ඩක් බලමු...අපිට අතීත කතාව පොලීසියට කියන්න බෑනේ...ඒ නිසා පොඩ්ඩක් ඉවසමු..."

යොන්ගියා එහෙම කීවත් මට තවත් ඉවසීමක් ඉතුරු වෙලා තිබුනේ නෑ...තවත් වෙලා එතන ඉදියොත් හිතේ කේන්තිය තවත් වැඩි වෙන නිසා මම වෙනසකටත් එක්ක කියලා හොබී ඉන්න යුනිට් එකට ආවා...මම එනකොට හොබී අලුතින් ආව ගර්ල්ස්ලාට වෝක් එක ප්‍රැක්ටිස් කරවනවා...මම එනවා දැකලා හොබී ඒක නතර කරලා මගේ ලඟට එන්න හැදුවත් මම දුර තියාම දිගටම කරගෙන යන්න කියලා හොබීට අතින් සංඥා කරලා පැත්තකින් තිබුණු පුටුවක ඉදගත්තා...

CHOCO GIRL ️🍫👩‍💻 ||KSJ|| (Completed )Opowieści tętniące życiem. Odkryj je teraz