Chapter 27

1.3K 301 33
                                    

" හොබී....මොකද මේ ? "

" හ්‍යුන්ග් කොහෙද ගියේ....අපි හොදටම බය උනා..කෝල් කීයක් ගත්තද ? "

" අරස්සෝ අරස්සෝ මම දැන් ආවනේ....මොකද මේ වෙන්නේ ? "

මම ඇහුවේ කලබලෙන් ඉව අල්ල අල්ලා ගේ වටේම දඟලන රෆර්වයි ශෙලීවයි පෙන්නලා...

" හිතාගන්න බෑ හ්‍යුන්ග්....මේ දෙන්නා එකපාරටම කලබල කරන්න ගත්තා...බැරිම තැන එලියට දැම්මහම හැමතැනම ඉව කර කරා දගලන්න පටන් ගත්තා..."

" මෝ..? එයාලට මොනවා හරි පුරුදු ඉවක් දැනිලා වගේ "

" දේ හ්‍යුන්ග් ඒකයි අපිත් බය උනේ...හ්‍යුන්ග් පොඩ්ඩක් ඇතුලට යමු....පොඩි තුන්දෙනාම ඇහැරලා...නිආත් හොදටම බය වෙලා "

හොබී කියනකොට මම ගේ ඇතුලට දිව්වේ පොඩි තුන්දෙනා මතක් වෙලා....මම ඇතුලට යනවත් එක්කම සෝෆා එකට වෙලා ඉදපු කුකී ටේයුන් ජිමින් නිආ හතර දෙනාම එකපාරම නැගිට්ටේ ඇස්වල කඳුලු පුරවගෙන.
මාව දැකලා පොඩි තුන්දෙනා වගේම නිආත් මා ලඟට දුවගෙන එන්න හැදුවත් එයාට කලින් පොඩ්ඩෝ ඉස්සර වුන නිසා නිආ කඳුලු පිහදාන ගමන් එතනම නතර වෙලා යන්තම් හිනා වෙලා මා දිහා බැලුවා...

" හ්‍යුන්ග්....ඔයා කොහෙද ගියේ...අපි බය උනා..."

තුන්දෙනාම කෑ ගහගෙන මාව බදාගන්නකොට කුකී අඬන්න පටන් ගත්තා....

" ඕමෝ....ඕමෝ...මෙන්න චන්ඩියො ටික අඬනවා.
යා....හ් මම කීවනේ ඔයාලව දාලා මම කොහෙවත් යන්නෑ කියලා...මම පොඩි වැඩකට එලියට ගියේ..."

" ඒත් හ්‍යුන්ග් කියලා ගිහින් නෑනේ කාටවත් "

" දේ...ඔයාලා හැමෝම නිදිනේ...ඒ නිසා මම රොජර්ව අඬගහගෙන ගියා...අරස්සෝ මම දැන් ආවනේ...මගෙ චන්ඩියො තුන්දෙනා දැන් බය නැතුව ගිහින් නිදාගන්න..."

" හ්‍යුන්ග් මුකුත් වෙන්නෙ නෑ නේද ? "

" අනී....කිසිම දෙයක් වෙන්නෑ...මම ආවනේ..දැන් ගිහින්  නිදාගන්න්..."

එහෙම කියලා පොඩි තුනව සනසවලා උඩට යවලා මම නිආ ලඟට ගියා...

" මැණික බය උනාද ? "

" අනී...මම මනුස්සයෙක් නෙමෙයිනේ...මට බය හිතෙන්නෑ "

නිආ අඬන ගමන් හිනා වෙවී එහෙම කියලා මගේ පපුවට තුරුල් උනා..

CHOCO GIRL ️🍫👩‍💻 ||KSJ|| (Completed )Where stories live. Discover now