Chapter 03

1.7K 425 62
                                    

කන්බීරි වෙන තරම් ඩිස්කො සංගීතය සම වැදිලා ඔහේ නටන සනාට වට පිටාව ගැන කිසිම ගානක් නෑ..කොට ගවුම තව තවත් ඉස්සිලා කෙල්ලගෙ කකුල් ගොඩක් නිරාවරනය වෙලා..අත් නැති කලු ගවුම නිසා සනාව කෙල්ලො ගොඩක් මැද හොදින් කැපී පෙනුනා..සනාට ටිකක් වැඩියි..කෙල්ල ක්ලබ් ඇවිත් බොන එක කලාතුරකින් වෙන දෙයක් නිසා හෝප් උන්නෙත් බාර් එක ගාවට වෙලා සනා දිහා බලාගෙන..හෝප් නිදහස් වෙලා ඇවිල්ලත් සතියක් උනා..NIS එක ඇහැ ගහගෙන උන්නි නිසා මේ සතියෙ කිසිම බිස්නස් වැඩක් එපා කියල මිස්ටර් පාක් සනාටයි හෝප් ටයි තදින්ම කිව්වා..මේ අතරෙ ජන්ගුක් උන්නෙ අලුත් ටීම් එකක් දම්මල හෝප් ගැන අවදානෙන්..

"යා බේබි..කම් "

සනා ඈත ඉදන් හෝප් ට කෑ ගහල කතා කරා..හෝප් නැගිටල සනා ගාවට යන්න හදද්දිම කොහෙන්දෝ ඉදල ආපු කෙල්ලෙක් හෝප් ගෙ ඇගේ වෙලුනා..සනාට ඇහැකුත් ගහල හෝප් ඒ කෙල්ල එක්ක පොඩ්ඩක් එහාට ගියා..සනා නම් නැටිල්ල නැවැත්තුවෙ නෑ..සනාට කිසිම කෙනෙගෙන් කරදරක් උනේ නෑ..එකක් මේ ක්ලබ් එක හෝප් ගෙ..අනික් එක සනා කියන්නෙ කවුද කියලා දන්න කෙනෙක් සනා දිහා බලන්න හිතන්නෙවත් නෑ..බාර් එක පැත්තට ඇවිත් තවත් බියර් වීදුරුවක් අතට අරන් සනා හෝප් ගිය පැත්තට හැරුනා..ඒත් එක්කම කෙල්ලට දැනුනෙ හුරු පුරුදු මූනක්..

"ජන්ගුක්…."

සනා මිමිනුවා..ඒ සැනින් සනා අඩි තියල ඒ පැත්තට ඇවිදන් ගියෙ ජන්ගුක් ගියෙත් හෝප් ගිය පැත්තට නිසා..ක්ලබ් එකේ රූම්ස් තියෙන පැත්තට ගියත් ජන්ගුක් තියා කාවවත් සනා දැක්කෙ නෑ..කෙල්ල කොරිඩෝව පැත්තට අඩි තියද්දි එක පාරටම කොහෙන්ද ඉදල ආපු ජන්ගුක් කෙල්ලව ඇදල අරගත්තෙ කාමරයක් ඇතුලට..සනා එක පාරටම ගැස්සුනත්  ඒ ජන්ගුක් කියල අදුරගෙන වට පිට බලද්දි සනා දැකපු දෙයින් කෙල්ලගෙ මත් ගතියත් නැතිව ගියා..හෝප් ගෙ ඔලුවට ගන් එකක් තියාගෙන උන්නෙ NIS officer ල දෙන්නෙක්..හෝප් උන්නෙ දගල දගල..

"සනාට යන්න දෙනවා...එයාව අත අරිනව ජන්ගුක්.."

හෝප් කෑ ගැහුවත් ජන්ගුක් ගනන් ගත්තෙ නෑ..මොකද අද ජන්ගුක් ක්ලබ් එකට ආවෙ මිනී මැරුමකට අදාල කෙල්ලෙක් ව ඇරෙස්ට් කරන්න..ඒ වෙනකොටත් හෝප් ඒ කෙල්ලත් එක්ක කිස් කර කර උන්නු නිසා ජන්ගුක් හෝප් වත් අල්ල ගත්තා..හෝප් ව හොයන් ආපු සනාවත් අල්ල ගත්තා..

DARK & WILD (Completed)Where stories live. Discover now