ඔෆිස් එකේ ෆයිල් වලින් පිරුනු මේසෙ උඩ කොන්ඩෙත් කඩාගෙන ඔලුව තියන් ඉන්න සනා , සනාගෙ කිසි හැල හොල්මනක් නැති නිසා සනා දිහා බලන් ඉන්න සෙකට්‍රි දෙන්නගෙම නිහඩතාවයෙන් පිරිල තිබුනු විශාල ඔෆිස් රූම් එක එක පාරටම දෙදරල යන්න සනා කෑ ගැහුවා..
"අර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්"
කෙල්ල කොන්ඩෙත් වන වන ඔලුව හොල්ලනවා..සෙකට්‍රිට හිනා යන්න ආවත් හිනාව කාගෙන බලාගෙන උන්නා..නැත්තන් සනාගෙන් හොදට අහගන්න වෙනවනෙ..
"මිස් මං දැන් මොනවද මේකට කරන්නෙ"
"ඒක මගෙන් අහල හරියනව ද???අර කොට ජිමිනාගෙන් ම අහගන්නවා..තමුසෙලා මුල ඉදන්ම ඌ කියන එක කරල අච්චාරු උනාම මං ගාවට උස්සන් එනවා මගුල.."
සනා බෙරිහන් දෙනවා..ජිමින් අත්සන් කරපු කන්ට්‍රැක් එකක වාහන වගයක් රිටන් වෙලා..ඔක්කොම වාහන සීයක්..කම්පැනි එකට ඒක මහලොකු පාඩුවක් නොවුනත් සනා හැම පුංචි දෙයක් ගැනම ගොඩක් හිතුවා..
"ජිමින් සර් අද ප්‍රසිඩන්ට් එක්ක රශියා යනවා මිස්..ඉතින්."
"මං දැනගත්තා ඔය මිනිහා මුල ඉදන්ම ඔහොමයි..පොඩි කාලෙත් මොකක් හරි කුපාඩි වැඩක් කරල ඩැඩීව මුලට තියල පැනල යනවා.."
සනා බර හුස්මක් ගත්තා..හෝප් ටත් ඇන්ඩෘ ගෙ ඩයමන්ඩ් බිස්නස් එකයි අලුතෙන් පටන් ගත්තු මැනික් ඩීල් එකකුයි තිබ්බ නිසා කොල්ලත් ඒකට බිසී වෙලා..ඩැඩී කොහොමත් බිස්නස් වලින් අයින් වෙලා ඉන්නෙ..
"මට සම්පූර්න ලොස් එක ගනන් හදල අරන් එන්න"
සනා සෙකට්‍රි ට කියල ෆයිල් දෙකකුත් අරන් එලියට ආවා..කෙල්ල කෙලින්ම ගියෙ යුන්ගිගෙ කැබින් එකට..සනා යනකොට යුන්ගි අයිස් ඇමරිකානෝ එකක් බිබී ෆයිල් එකක් බලනවා..
"එක්සියුස් මී ඔප්පා"
සනා දොරෙන් එබිලා බලල කිව්වා..යුන්ගි ඔලුව උස්සල බලල ආයෙත් බිම බලාගද්දි සනා දැන ගත්තා එයාට ඇතුලට යන්න පුලුවන් කියල..
"පුදුම ලොකුකමක්"
සනා හිතින් යුන්ගිට බැන බැනම ඇතුලට ආවා..ඇවිත් යුන්ගි ඉස්සරහින් වාඩි වෙලා ෆයිල් එක මේසෙ උඩින් තිබ්බා..
YOU ARE READING
DARK & WILD (Completed)
Fanfictionචරිත ඇතුලෙ හැංගිලා ඉන්න චරිත අදුරගන්න ඒ චරිත කතා කියවන්නම ඕන.. මේකත් අන්න එගෙම චරිත ගොන්නක් ඇතුලෙ හිරවුනු කතාවක්..