උදේ පාන්දර කිටි කිටි සීතල හුලං අතර කෝපි එකක් බිබී සනා බැල්කනියට වෙලා උන්නා..ජනාධිපතිවරනෙට නාම යෝජනා දුන්නු නිසා ටික දවසකට ඉල්ලීගල් වැඩ වලින් ඈත් වෙලා ඉන්න කියල මිස්ටර් පාක් කිව්ව නිසාම අද රෑ ඩයමන්ඩ් බිස්නස් එකෙන් පස්සෙ ටික කාලෙකට බිස්නස් නවත්තලා කම්පැනි එකේ වැඩ බලන්න හිතාගෙන උන්නු සනා උදේම නැගිට්ටෙ විශේශ වැඩකට..
"ගුම්මෝනින් බේබි"
ඇග මැලි කඩ කඩ හෝප් සනා ගාවට ආවා..කෙල්ල ඇස් අග තිබුනු කදුලු බිංදුව හෝප් ට හොරෙන් පිහ දැම්මා කියල හිතුවත් හෝප් ඒක දැක්කා..හෝප් ක්ශනිකව සනාව බදා ගත්තා..
"ඩෝන්ට් ක්රයි බේබී…..ප්ලීස්.."
"මට එයාව මතක් වෙනවා හොබි..ගොඩක් මතක් වෙනවා.."
"සෙමෙට්රි එකට යමු..හෝම් එකට යන්නත් ඕනනෙ.."
"හිම්ම්ම්ම්...ටිකක් මෙහෙම ඉමු."
සනා හෝප් තවත් ලන් උනේ කෙල්ලගෙ ජීවිතේ හැමදේකටම ලගිම් උන්නු එකම කෙනා හෝප් නිසා..අදට මේ යාලුවො දෙන්නගෙ හොදම යාලුව නැතිවෙලා අවුරුදු තුනක්.ජියා, සනා , හෝප් තුන් දෙනා කොලේජ් ගියෙ එකට..ජියා සනාගෙ තාත්තගෙ ලේකම් ගෙ දුව..ජියා කියන්නෙ සනාට වඩා වෙනස් අහින්සක කෙල්ලෙක්..කෙල්ල ඇක්සිඩන්ට් එකකින් නැති උනේ ඩ්රග්ස් අරන් වාහනේ ඩ්රයිව් කරල..කාටවත් ඒ දේ විස්වාස කරන්න බැරි උනා..මොකද ජියා සැර බීමක් වත් බීපු කෙනෙක් නෙවේ..ඒත් මරන පරීක්ශනේ අවසන් උනේ ඒ විදියට..හැමෝටම ඒ දේ පිලිගන්න උනා..
"යමුද?පරක්කු වෙනවා."
හෝප් සනාගෙ ඔලුව අත ගාලා කිව්වෙ බිදුනු කටහඩින්..ජියාගෙ මතක වලින් මේ දෙන්නටම තාම ඈත් වෙන්න බැරි උනා..සනා හෝප් උදේම ජියාගෙ සොහොනට ගිහින් ජියා ආසම ලිලී මල් පොකුරකින් සොහොන හැඩ කරල එතනට වෙලා පරන මතක මතක් කර කර හිනා උනේ ජියා ඉස්සරහ අඩන්න බැරි නිසා..දෙන්නම හිනා උනේ කදුලු අස්සෙන්..
"දන්නවද ජියෝ හොබි මේ සතියට තුන් වෙනි කෙල්ලවත් යාලු කර ගත්තා..මට නම් තාම හිතා ගන්න බෑ මෙයාගෙ ලමයි කීයක් කොරියාව වටේ ඉන්නවද කියල.."
YOU ARE READING
DARK & WILD (Completed)
Fanfictionචරිත ඇතුලෙ හැංගිලා ඉන්න චරිත අදුරගන්න ඒ චරිත කතා කියවන්නම ඕන.. මේකත් අන්න එගෙම චරිත ගොන්නක් ඇතුලෙ හිරවුනු කතාවක්..