Chapter 17

1.5K 402 47
                                    

"ජන්ගුක් අද කලින් ගෙදර එනව නේද?"

සනා ජන්ගුක්ට කෝල් කරල ඇහුවා..අද සනාගෙයි ජන්ගුක්ගෙයි one month anniversary එක..කොල්ලට නන් මතක නෑ..ඒත් සනා උන්නෙ හරි සතුටින්..කෙල්ල ඒ වෙනුවෙන් ලොකූ වේදනාවක් විදගෙන ජන්ගුක්ට පුදුමෙකුත් ලෑස්ති කරා..

"වැඩ ඉවර උනොත් එන්නම්."

ජන්ගුක් ඕනෑවට එපාවට කිව්වා..මේ තමයි ජන්ගුක්..මාසයක් තිස්සෙ සනාව මග අරින , ගනන් නොගන්න ජන්ගුක්..

"හරි..ඔයා වැඩ ඉවර උනොත් එන්නකො.."

ඒත් ජන්ගුක්ගෙ වැඩ ඉවරවුනේ රෑ දොලහත් පහුවෙලා..ඔම්මා නම් උන්නෙ ජන්ගුක්ට හොද පාරක් ගහන්න ලෑස්ති වෙලා..සනා හිනා වෙලා තමන් හොදින් කියල ඒ අයට ඇගෙව්වෙ ජන්ගුක් ට වැරද්දක් පටවන්න ඕන නැති නිසා..

"Happy one month anniversary  my love.."

ජන්ගුක් ආපු ගමන් සනා ජන්ගුක්ව බදා ගත්තා..එතකොටයි කොල්ලට මතක් උනේ.ඒට් වෙනසක් නොපෙන්නා සනාව ඇගෙන් අයින් කරල වොශ් රූම් එකට ගිහින් නා ගත්තා..ඒ වෙනකොට සනා ජන්ගුක්ගෙ කෑම රත් කරල තිබ්බෙ..දැන් ඔම්මා ජන්ගුක් එනකන් ඇහැරන් ඉන්නෙ නෑ..මොකද සනා ඉන්නවනෙ..ජන්ගුක් සද්දයක් වත් නැතුව කන දිහා සනා හැමදාම වගේ හරි ආදරෙන් බලන් උන්නා..ඒ වගේම ජන්ගුක් හැමදාම කියන වැකිය කියන්න අමතක කරෙත් නෑ..

"ඔහොම බලන් ඉදල කෙල ගිලල මට බඩේ අමාරුව හැදුනොත් තමුසෙව අරන් ගිහින් කූඩුවට දානව මං"

ඒක කියද්දි සනා හැමදාම වගේ හිනා වෙලා ජන්ගුක්ට අත්දෙක ලං කරල දික් කරේ ආ මාංචු දාන්න කියන්න වගේ..මාසයක් තිස්සෙ මේ කතා බහ මෙහෙම්ම පුරුද්දක්..කාලා කාමරේට ඇවිත් ජන්ගුක් නිදාගන්න හදද්දි සනා ජන්ගුක්ගෙ ඉස්සරහට ආවා..

"ඇයි "

"ඇනිවසරි ගිෆ්ට් එක බලන්නැද්ද"

සනා හිනා වෙලා අහල උඩින් ඇදල උන්නු ලොකු ශර්ට් එක බොත්තන් එකින් එක ගලවද්දි නම් ජන්ගුක්ට ආයෙත් වතුර තිබහක් ආවා..කොල්ලා වෙනසක් නොපෙන්නා කාගෙන උන්නා..සනා අන්තිම බොත්තමක් ගල වල අනික් පැත්ත හැරෙද්දිම ජන්ගුක් දැකපු දෙයින් කොල්ලව උඩ ගියා..ඒක අලුතින් ගහපු ටැටූ එකක්..තාමත් වේලිලා නැති ටැටූ එකේ තැනින් තැන ලේ පාරවල් වල සලකුනු..ඒ ටැටූ එකේ තිබ්බෙ කොරියන් වලින්

DARK & WILD (Completed)Where stories live. Discover now