Chapter 15

1.5K 393 57
                                    


සුදු පාට ලිලී මල් වලින් හරිම චාම් ඒත් ලක්ශරි විදියට සරසල තිබුනු පල්ලිය හරි මද අල්තාරෙ මුල කලු ෆුල් කිට් එක ඇදල ජන්ගුක් බලන් උන්නෙ වෙලාව එනකන්..ජන්ගුක් පිටිපස්සෙන් ජින් , නම්ජුන් ,ටේහයොන්ග් පිලි වෙලින් හිටගෙන උන්නෙ හරියට හැමදාම වගේ තමන්ගෙ පොඩි මල්ලිට මහමෙරක් වගේ හයයක් වෙලා..ජන්ගුක් පිටින් හරිම සන්සුන් විදියට උන්නට ඇතුලෙන් ගොඩක් නොසන්සුන් වෙලා උන්නෙ..කවුද තමන්ගෙ කසාදෙ දවසෙ නොසන්සුන් වෙන්නෙ..ඊට පහලින් කිම් පවුල , මිසිස් කිම් , මිස්ටර් කිම් , ලේලියො තුන් දෙනා ජන්ග්මි , ඇනා , සෝයා , ජන්ග්මි ගාව අතින් අල්ලගෙන රෝස් , ඇනාගෙ අත් අතරෙ ගුලිවෙලා  නිදියන් ඉන්න චූටි කොලු පැටියා මේ හැම කෙනෙක්ටම පිටිපස්සෙන් ජන්ගුක්ගෙ නෑදෑයො යාලුවො ජන්ගුක් දිහා බලාගෙන උන්නා මිස්ටර් කිම්ට නම් මතක් උනේ ජන්ගුක්ගෙ ඇත්ත අම්මා , තමන්ගෙ නංගිව..

අනික් පැත්තෙ ප්‍රසිඩන්ට් පාක් , මිසිස් පාක් ජිමින්  , ඊට පිටිපස්සෙන් පාක් පවුලෙ නෑදෑයො වගේම වටේටම ප්‍රසිඩන්ට් ට ලොකු ගාඩ් එකක් දාලා උන්නා..හෝප් මෙතන නෑ..මොකද හෝප් උන්නෙ එලියෙ සනාගෙ අතින් අල්ලගෙන  අද සනාව ජන්ගුක්ට භාර දෙන්න ඕන මිස්ටර් පාක් , සනාගෙ ඩැඩී උනත් හෝප් කරපු අහිංසක ඉල්ලීම උනේ සනාව තමන්ගෙ අතින් ජන්ගුක්ට භාර දෙන්න ඉඩ දෙන්න කියල..මිස්ටර් පාක් ට ඒ ඉල්ලීමට බෑ කියන්න බෑ..හෝප් කියන්නෙ තමන්ටත් වඩා තමන්ගෙ දුව ගැන බලන කෙනා කියල පාක් දන්නවා..ඒ නිසාම ඒ ඉල්ලීමට ඉඩ දුන්නා.

"මට බයයි බේබි"

හෝප්ගෙ අතේ එල්ලිලා සනා කියද්දි හෝප් හිනා වෙලා සනාගෙ වේල් එක හැදුවා..

"එහෙනම් අපි දෙන්නා පැනලා දුවමුද."

"ආහ්...එතකොට ජන්ගුක්"

කෙල්ල හෝප් ට ලං උනා..හෝප් ගෙඇස්වල කදුලු..සතුටු කදුලු..තමන්ගෙ පුංචි කාලෙ ඉදන් හෙවනැල්ල වගේ උන්නු මැනික් කැටේ අද එයාගෙන් ගොඩක් ඈතට ගියත් අලුත් ජීවිතයක් පටන් ගන්නවා..

"බේබි ඔයා ප්‍රොමිස් උනා හැමදාම මගෙත් එක්ක කොෆි බොනව කියල හොදේ.."

හෝප්ට සනා මීට ටික වෙලාවකට කලින් උනු පොරොන්දුව අයෙමත් මතක් කරා..සනා වෙනදා වගේම හරි ලස්සනට හිනා උනා..ඇතුලට යන්න දොර ඇරෙද්දිම ඇතුලෙ හැමෝම දොර ගාව හෝප්ගෙ අතේ එල්ලිලා ඉන්න සනා දිහා බැලුවා..ජන්ගුක් ඇරෙන්න..සනා දිග සුදුපාට වෙඩින් ඩ්‍රෙස් එකක් ඇදල පුංචි ලිලී මල් පොකුරක් අතින් අරන් හෝප් ගෙ අත්වල එල්ලිලා හෙමි හෙමින් ඇතුලට එනවා..හැමෝගෙම ඇස් සනාගෙ ලස්සනට වශී වෙලා..

DARK & WILD (Completed)Where stories live. Discover now