ආදරය උරුම පිවිතුරුම හිත් වලට විතරද?
අන්ධකාරෙ විතරක් පිරිලා තියෙනවයි කියන ඩීමන් කෙනෙක්ගෙ හිතකට ආදරේ උරුම වෙන්නැත්ද?
උරුම වුනත් නැති වුනත් එයාව දැක්ක මොහොතෙ මගෙ හිත තවදුරටත් මට අයිති නොවෙන බව මන් දැනගත්තා.
මිනිස්සු විදිහට වෙස් වලාගෙන හිටියත් ඕනෙම ඒන්ජල් කෙනෙක්ට ඩීමන් කෙනෙක්වත් , ඕනෙම ඩීමන් කෙනෙක්ට ඒන්ජල් කෙනෙක්වත් අඳුරගන්න පුලුවන්.
ඒ නිසයි මන් එයාව අඳුරගත්තෙ.
මිනිස්සු කීදෙනෙක් එයාව වට කරන් හිටියත් එයා ඒන්ජල් කෙනෙක් කියන එක මගෙන් හන්ඟන්න බැරිවුනේ ඒකයි..මම..
මින් යුන්ගි..
බලවත්ම ඩීමන්ලගෙන් කෙනෙක්..
ඒන්ජල් කෙනෙක්ව දැක්කත් එයාව කෑලි වලට ඉරලා දාන්න තරම් කේන්ති යන කෙනෙක්..
හැමදාම ඒන්ජල්ස්ලට දරුණුම තුවාල කරපු කෙනෙක්..ඒත් මන් කවදාක්වත් නැතුව අද ඒන්ජල් කෙනෙක්ගෙ දිහා සෑහෙන වෙලාවක් ගල්වෙලා බලන් හිටියා.
සාමාන්යෙන් ඒන්ජල්ස්ට වගේම ඩීමන්ලටත් මිනිස්සු ආකාර්ෂනේ කරගන්න පුලුවන් රූපයක් තියෙනවා..
ඒන්ජල්ස්ලට ඒක ඕනෙවට වඩා තියෙනවා..
ඒත් මට ඒක ප්රශ්නයක් වුනේ නෑ.
කොච්චර ලස්සන වුනත් ඒ හැමෝටම මන් සලකන්නෙ එකම විදිහටයි.මරන්න බැරිනම් මරණෙ කියන්නෙ කොච්චර භයානක හැඟීමක්ද කියන එක මන් මට අහුවෙන ඕනෙම ඒන්ජල් කෙනෙක්ට පෙන්නලා දෙනවා.
ඒත් ඒ මූණ..
ඒ මූණ මට මන් කවුද කියන එකත් තප්පර ගාණකට අමතක කලා..
රත්රන් පාටට හුරු කොන්ඩෙ, දිලිසෙන නිල්පාට ඇස්,කිරිපාට හම, රෝස තොල්..
රෝස තොල්..!!
මට ඕනෙ වුනා ඒ රෝස තොල් මගෙ කරගන්න..ඒක ආදරයක්ද ආසාවක්ද..
මන් දන්නෑ..
මන් ලඟ හැඟීම් තියෙනවද කියලා මන් දන්නෙත් නෑ..ඒත් ආදරේ උපදින්න කලින් උපදින්නෙ ආසාව නෙවෙයිද..
ඔව් එයත් මාව දැක්කා.
මන් වගේම ටිකක් වෙලා ඒ බෝල ඇස් වලින් මන් දිහා බලන් හිටපු එයා කලේ එතනින් ඉක්මණට යන එක.
YOU ARE READING
Rewrite the Stars |YM| ✔
Fanfictionඑයා අන්ධකාරයේ ජීවත් වුනේ නෑ, අන්ධකාරයයි එයා තුළ ජීවත් වුනේ.. -ජිමින්- එයාගෙ සුරදූත ඇස් වලින්, එයා සාතන්ගෙත් හොඳ දැක්කා... -යුන්ගි- _______________________________________________ How do we rewrite the stars? Say you were made to be mine? Nothing can...