එයා මාව තල්ලු කරලා එතනින් දුවගෙන ගියාට පස්සෙත් මන් ටිකක් වෙලා කල්පනා කලා.
මන් මේ මොනාද හිතන්නේ..
මන් මේ මොනාද කියන්නේ..
මට මාවම අවනත නෑ..
එයා ලඟදි මට මන් කවුද කියන එකවත් මතක නෑ...ඒත් මට එක දෙයක් විශ්වාසයි.
ඒ මන් ජිමින්ට දැනටමත් ආදරේ කරන්න පටන් අරන් කියන එකයි.එයා මගෙන් ඈත් වෙලා මෙතනින් ගියපු තප්පරෙත් මට මහ හිස්කමක් දැනුනා.හරියට මගෙන් කොටසක්ම මට නැති වෙලා වගේ.
එයාව හොයන්න හිතාගෙන එයා ගියපු පැත්තට ගියත් එයාව හොයාගන්න මට බැරි වුනා.
ඔව් ඉතින් එයා සාමාන්‍ය මනුස්සයෙක් නෙවෙයිනෙ.ඒත් මන් එයාව කොහොම හරිම හොයාගන්නවා.
කොහොම හරි.._________________________________________________________
ගොඩක් ඒන්ජල්ස්ලා ගැවසෙන තැන් වල මන් එයාව හෙවුවා.ඒ තැන් වලට ලන් වෙන්න බැරි වුනත් මන් ඈතට වෙලා හරි එයාව හෙවුවා.
මට එයාලා ඉන්න හරියට ලන් වෙන්න බැරි හේතු ගොඩක් තිබුනා.
ඒකෙන් ලොකුම හේතුව වුනේ එයාලා ගොඩක් වෙලාවට හිටියේ පූජනීය බිම් වල නිසයි.ඩීමන්ස්ලට ඒ පැති වලට ලන් වෙන්න ලේසි නෑ.මොකද ඒ වෙලාවට අපේ ශක්තියන් ගොඩක් දුරට නැති වෙලා යනවා.ඒ වගේ වෙලාවට ඩීමන් කෙනෙක්ව හරිම ලේසියෙන් නැති කරලා දාන්න පුලුවන්.ඒත් ගිවිසුම නිසා තාමත් කාගෙවත් මරණ සිද්ධ වුනේ නෑ.
ඒ වගේම අනිත් හේතුව යකඩ. යකඩ නිසා ඩීමන්ස්ලව මැරෙන්නෙ නැති උනත් මරණීය තුවාල කරන්න පුලුවන්කම තිබුනා.අපිට අපිවම සුව කරගන්න බලයක් තිබුනත් යකඩ නිසා සිද්ධ වෙන තුවාල එහෙම ලේසියෙන් හොඳ වුනේ නෑ.ඒක දන්න ඒන්ජල්ස්ලා ලඟ නිතරම යකඩ ආයුධ තිබුනා.
ඒත් නරකම දේ වුනේ රිදී. රිදී නිසා ඕනෙම ඩීමන් කෙනෙක්ව නැත්තටම නැති කරලා දාන්න පුලුවන්. ඒත් ගිවිසුම නිසා ඒන්ජල්ස්ලා රිදී පාවිච්චි කලේ නෑ.
මට දිගටම හිතුනා ගිවිසුම හරිම කම්මැලි දෙයක් කියලා. කිසිම සටනක් නෑ. කිසිම විනෝදයක් නෑ.
ඒත් ජිමින්ව දැක්ක දවසෙ ඉඳන් එයා රිදී පාවිච්චි නොකරන එක ගැන මන් ගිවිසුමට ස්තුතිවන්ත වුනා.
YOU ARE READING
Rewrite the Stars |YM| ✔
Fanfictionඑයා අන්ධකාරයේ ජීවත් වුනේ නෑ, අන්ධකාරයයි එයා තුළ ජීවත් වුනේ.. -ජිමින්- එයාගෙ සුරදූත ඇස් වලින්, එයා සාතන්ගෙත් හොඳ දැක්කා... -යුන්ගි- _______________________________________________ How do we rewrite the stars? Say you were made to be mine? Nothing can...