උදේ මන් නැගිටිද්දි ටිකක් දවල් වෙලා තිබ්බා...අද නිවාඩු දවස නිසා මන් ටේ ගැන හොයන්න යන්න හිතාගෙන හිටියෙ...
ඒත් කොහෙන් පටන් ගන්නද මොනවා කරන්නද කියලා කිසිම අදහසක් මට තිබුනෙ නෑ....
පොලීසියට ගියානම් මොනවා හරි හොයාගන්න තිබුනා කියලා මට හිතුනත් මගෙ වයස ඒකට බලපෑවා... ඉතින් මට ඉන්න එකම යාලුවාට මන් කතා කරන්න තීරණය කලා...
ජින් හියුන්ග්...
එයාව මන් අදුරගත්තෙ කොලේජ් එකේදි...
එයා මට වඩා අවුරුදු පහක් විතර වැඩිමල්... එයා අපේ කොලේජ් එකේ ඩොක්ටර් කෙනෙක්...
මගෙ රහස දැනගෙන ඉදපු එකම කෙනා එයා විතරයි... ඒ වගේම මට වෙනස් විදියට සලකපු නැති එකම කෙනා එයා...
මන් එයාගෙ ගෙදර යන්න ලෑස්ති වෙලා පහලට ආවා..
"අන්‍යෝන් හා පැටියෝ..."
එකපාරටම මගෙ ඉස්සරහට ආවෙ ටේ... මට කවදාවත් නැතුව එයාව දැක්කම මූනට ලොකු හිනාවක් ආවා...
"අන්‍යොන්..."
මන් වැඩි වෙනසක් නොපෙන්වා කිව්වා...
"ඔයා මේ කොහෙද යන්නෙ...?"
එයා ඇහුවා.... මට දෙන්න උත්තයක් නැති නිසා මන් එයාට බොරුවක් කිව්වා...
"මගෙ බෝයිෆ්‍රෙන්ඩ් හම්බවෙන්න අනේ... අද නිවාඩු දවසනෙ..."
මන් ඒම කිව්වම ටේගෙ මූන වෙනස් උනා... ඒත් ක්ශනිකයෙන්ම ආයෙ මූනට හිනාවක් අරගෙන එයා කතාකලා...
"ආහ් එහෙනම් ඔයා එනකම් මන් මෙහෙන් ඉන්නම්කො... පරිස්සමින් ගිහින් එන්න ජන්කුක්..."
එයා කිව්වා... මන් එයාට ආචාර කරලා එතනින් ආවා... මට ඇත්තටම එයා ගැන දුක හිතුනා....
ජින් හියුන්ග්ලගෙ ගෙදර ලගට ගිහින් මන් එයාට කෝල් කලේ තාම නිදිද දන්නෑ කියලා හිතලා... ඒත් මගෙ කෝල් එක ආන්ස්වර් නොකරම එයා දොර ඇරියා...
YOU ARE READING
HANDSOME GHOST | 𝗍𝖺𝖾𝗄𝗈𝗈𝗄
Horror🅒︎🅞︎🅜︎🅟︎🅛︎🅔︎🅣︎🅔︎🅓︎ A young man who lost his life due to injustice... A young man with extraordinary power.. They love each other.... A young man who committed suicide after being deceived by love... This is their story 🙂💔