ඇත්ත

922 287 52
                                    

කිම් නම් ජූන්....

නම්ජූන් කියන්නෙ මගෙ මාමාගෙ එකම පුතා....

ඔව් මාව ටවර් එකෙන් පහලට තල්ලු කරපු ඒ මනුස්සයාගෙ පුතා....

පොඩි කාලෙ ඉදන්ම අපි අතරෙ එච්චර හොද බැදීමක් තිබුනෙ නෑ... එයා මගෙ වයසෙ උනත් එයා මට යාලුවෙක් විදියට සැලකුවෙ නෑ..

එයා මට වෛර කලා.... මන් දන්නෙ එච්චරයි...

එයා මාව සැලකුවෙ දුර්වලයෙක් ගානට.... ඇත්ත.... මන් දැන් බලන්නෙ අප්පගෙ කම්පැනි එක... ඒත් එයා බලන්නෙ එයාගෙම මහන්සියෙන් හදාගත්ත කම්පැනි එක...

ඒයා මගෙත් එක්ක තරග කලා.....

ඒත්...,

එයාට මොකක්ද ජන්කුක් ගෙ හියුන්ග් එක්ක තියෙන සම්බන්දෙ...?

ඔක්කොටම කලින් මන් ඒ ගැන හොයන්න ඕන.....

ඊට කලින් මන් හියුන්ග් ව හම්බවෙන්න ඕන... මන් ඒකට ජන්කුක් ගෙන් අවසර ඉල්ලුවා... එයා මුලින්ම අකමැති උනත් පස්සෙ කැමති උනා...

ජිමිනුත් ගෙදර නැති නිසා මන් ලෑස්ති වෙලා ජන්කුක් එව්ව ලොකේශන් එකට හොයාගෙන ගියා...

මන් ගිහින් දොරට තට්ටු කලාම ටිකක් උස ලස්සන කොල්ලෙක් දොර ඇරියා...

එයා මන් දිහා බලන් ඉදියෙ ප්‍රශ්නාර්ථයක් සහිත මූනකින්...

"ම්ම්හ්.. ඔයා ජන්කුක් ගෙ හියුන්ග්ද..?"

මන් ඇහුවා... මට මෙයාව හොදට දැකලා පුරුදුයි... වෙන්න බෑහ්.. මේ ඊයෙ ජන්කුක් එක්ක ඉදපු කොල්ලනෙ...

"ආහ් ඔව් එන්න ඇතුලට... ජන්කුක් කිව්වා යාලුවෙක් එයි කියලා..ජන්කුක් නැහැ...කොලේජ් ගිහින්... එයා දැන් එයි ඉදගෙන ඉන්නකො..."

එයා කිව්වා.... එයාගෙ මූන ඉදිමිලා වගේ තිබ්බා...

"ආහ්...ම්ම්..මේකයි මන් ආවෙ ඔයාව හම්බවෙන්න..."

එයා පෙන්නපු පුටුවෙන් වාඩි නොවීම මන් කිව්වා... ඊටපස්සෙ එයා මන් දිහා පුදුමයෙන් බැලුවා...

"මම කිම් ටේයොන්... ජන්කුක් මගෙන් උදව් ඉල්ලුවා ඔයාගෙ ප්‍රශ්නෙට..."

"ටේයෝන්...? තමුසෙ කිව්වෙ ටේයෝන් කියලද...?" මන් කියලා ඉවර වෙන්නත් කලින් එයා කෑගැහුවා..

HANDSOME GHOST | 𝗍𝖺𝖾𝗄𝗈𝗈𝗄Where stories live. Discover now