සති දෙකක්ම ඔහේ ගෙවිලා ගියා...
එදායින් පස්සෙ ලස්සන හොල්මන් කොල්ලා ආවෙ නෑ....
මන් ඒ ගැන පසුතැවුනා... එයා මට මොනවා හරි කියන්න උත්සාහ කලා... මට ඒක අහන්න තිබුනා කියලා මුලු කාලෙම මම පසු තැවුනා....
අදත් සාමාන්‍ය දවසක්...
මිනිස්සු කලබලෙන් එහාට මෙහාට යනවා.... තවත් සමහරු ආදරේ කරන අයගෙ අත් වල පැටලිලා හිමින් ඇවිදිනවා....
ඒ වගේම තවත් අය ඒ අතර හිටියා...
මට විතරක් පෙනුන...
ඒ අය අතරින් මම හෙව්වෙ ඒ ඇස් දෙක...
ඇයි එයා ආයෙ ආවෙ නැත්තෙ...
ඒක හැමවෙලේම මගෙ හිතේ තිබුන ප්‍රශ්නයක්...
මන් හොස්ටල් එකට නොගිහින් නම්සන් ටවර් එක ලගට ඇවිදගෙන ආවා... හෙට කොලේජ් නිවාඩු නිසා ටිකක් රෑ වෙනකම් ඉන්නවයි කියලා හිතාගෙනයි මම ආවෙ...
ටික වෙලාවක් ඇවිද ඇවිද ඉදපු මන් දැක්කෙ දැකලා පුරුදු ඇස් දෙකක්...
ඔව් ඒ එයා...
බංකුවක වාඩි වෙලා ඈත බලාගෙන කල්පනා කරනවා... එයා මාව දැක්කෙ නෑ...
මට එයා එක්ක කතා කරන්න ලොකු ඕනකමක් දැනුනා... ඒ නිසා මන් එයා ලගින් ගිහින් වාඩි උනා... එයාගෙ එහාපැත්තෙන්...
එයා මන් දිහා බලලා අහක බලාගන්නවා මන් ඇහැ කොනකට දැක්කා... එයා බර සුසුමක් පිට කලා...
මන් පලවෙනි වතාවට උවමනාවෙන් එයා දිහා බැලුවා.... එයාත් මගෙ දිහා බැලුවා... තත්පර කිහිපයක් අපි ඇස් වලින් කතා කලා... මන් ඊට පස්සෙ අහක බලාගත්තෙ මිනිස්සු මන් දිහා අමුතු විදියට බලනවා දැකපු නිසා..
බෑග් එකෙන් හෑන්ඩ්ෆ්‍රී එක අරගත්ත මම ඒක එක කනක ගහගත්තා...
"ඇයි ඔයා එකපාරටම අතුරුදහන් උනේ...?"
මන් ඇහුවෙ ඉස්සරහා බලාගෙනමයි...
"මගෙන්ද ඇහුවෙ...?" එයා ඇහුවා...
"ඔව්... මිනිස්සු මන් දිහා අමුතු විදියට බලනවා ඒ නිසා මේම කතා කරමු..." මන් ක්ශනිකවම එයාට හිනාවකින් සංග්‍රහ කරලා ආයෙ ඉස්සරහා බලාගත්තා....
YOU ARE READING
HANDSOME GHOST | 𝗍𝖺𝖾𝗄𝗈𝗈𝗄
رعب🅒︎🅞︎🅜︎🅟︎🅛︎🅔︎🅣︎🅔︎🅓︎ A young man who lost his life due to injustice... A young man with extraordinary power.. They love each other.... A young man who committed suicide after being deceived by love... This is their story 🙂💔