🤖 01

398 72 25
                                    

"යුන්ගියා... නැගිටපා..න්. යං බඩට යුතුකම් කරන්න.ඒ කන්නවත් නැගිටපන්කො බං"

"ඉතින්   ගිහින් කනවා.මට  ඉන්න දීලා"😴

යුන්ගි තව ටිකක් ගුලි උනේ අත් දෙකත් ඇගටම තද කර ගන්න ගමන්.

"ඒ බඩගිනී අෆ්ෆා.මේ බඩේ පණුවො මාව කනවා මෙහෙම ගිහින්.යමන්කෝඕඕ.."

"හොබා ඔය මලකඩ වොයිස් එක නවත්තනවා නැත්තන් මමයි තෝව කන්නෙ. මං පාඩම අහනවා පේන්නැද්ද."😴

"ලෙක්චර්ස් ඉවර වෙලත් පැය බාගයක් යනකන් බුදියන් ඉදලා දැන් අහපන්.මෙන්න මෙහෙ වරෙන් යන්න"

කෙලියා

මොන නවනින්ගිරාවක්ද ඒ උනේ කියලා කල්පනා උන යුන්ගි ඇස් පොඩි කර කරම නිදන් හිටපු බංකුවෙන් කෙලින් වුනේ ඇස් කොනෙන් හොබී දිහා බලන් ගමන්.ලෙක්චර් හෝල් එකේ හොබියා ඇර එක බලු බල්ලෙක් නෑ.🙂

"යුන්ගියා උබව ආස්‍සරේ කරලා මං කවදා හරි මැරෙන්නෙ හාමතේ ඉදලා.එනවා යන්න."

බෙල්ල පිටිපස්ස අතගගා වටපිට බලන සුගාගේ ජැකට් එකෙන් ඇදලා ගත්ත හොබී සුගාව ලෙක්චර් හෝල් එකෙන් එළියට ඇදගෙන ගියා.






"ඇයි බං ඔය.ලෙක්චර්ස් ඉවර වෙලත් පැය ගානක් හෝල් එකේම බුදියන එකම එකා උඹ විතරයි.අනිත් උන් දෙයියනේ කියලා ප්‍රොෆා ගිය ගමන් එළියට පනිනවනෙ.මේ මට ඇත්ත කියාන්,රෑට රෑට ඒ..ඒ..ඒ...??😉🤪"

"උබ මගෙන් අහගන්න එපා.එ.එ.ඒ..##"😑

යුන්ගියි හොබීයි හිටියෙ කැම්පස් එකට අල්ලපු වැටේ අළුතින් දාලා තියෙන කැෆේ එකේ.පොඩි  ශොප් එකක් වුනාට ඒකෙ තිබ්බ නානාප්‍රකාර විසූකදස්සනවලට හොබීගෙ හිත රබර් වගේ ඇදිලා පැදිලා ගිහින් තිබුණා.'ඕ.. මයි ,ඕ මයි..මයි හාටූ..'ගාගෙන හොබී සුගාවත් ඇදන් කඩේට රිංගුවෙ ඒකයි.

"සර්ලා මොනවද ඕඩර් කරන්නෙ?"

බඹරෙ වගේ හතර වටේටම බෙල්ල කරකෝ කරකෝ හිටපු හොබීගෙ කැරකිල්ල නතර වුනේ වේටර්ගෙ කටහඩෙන්.ඉස්කෝලෙ යන වයසෙ පිරිමි ළමයෙක් හිනාවෙලා මෙනු එක හොබීගෙ අතට දුන්නා.

"ඇමරිකානො එකයි,ස්ප්‍රයිට් එකයි"

හොබී ඕඩරේ දුන්නා.වේටර් කොල්ලා දෙකට නැමිලා ඕඩරෙත් අරන් යන්න ගියා.

Bot BabyKde žijí příběhy. Začni objevovat