🤖 06

91 22 14
                                    

""දඩස්""



පාර දිගේ කඩවල්වල නේම්බෝඩ් බල බල බෑග් ගොඩක් අතින් කටින් උස්සන් ආපු කෙනෙක්  කැෆේ එකෙන් එළියට බැහැපු හේසොක්ගෙ ඇගේ හැපුනෙ දෙන්නවම ආපස්සට බිම වට්ටවන ගමන්.


"සමාවෙන්න සමාවෙන්න.."


දඩබඩ ගාලා නැගිට්ට හේසොක් වැටුණු වැටිල්ලට තවමත් බිම දපලා බෑග් ගොඩෙන් වැහිලා හිටපු කෙනාව කෙලින් කරලා බෑග් ගොඩත් එකතු කරලා දුන්නෙ හිනාවකින් සංග්‍රහ කරන ගමන්.


එයත් හේසොක්ට ස්තූති කළේ ආපස්සට හිනාවෙන ගමන්.


ඇත්තටම කිව්වොත් උනේ ලයිට් කණුවෙ මලානික එළියෙන් දිලිසෙන හීනි වෙන ඇස් එක්ක එයා හිනා වෙන්න ඇති කියලා හෝසොක් අනුමාන කළ එක.මොකද හිනාවක් පේන්න කියලා මූණ දකින්න පුළුවන්කමක් තිබ්බෙ නෑ. බෙල්ලෙ ඔතන් තිබ්බ ස්කාෆ් එක නාහෙ ගාවට වෙනකන් ඔතාගෙනනයි එයා හිටියෙ.


ඒත් එක්කම අමුත්තාට ආචාර කරපු හේසොක් පාරත් පැනගෙන දුවගෙන ගියේ යුන්ගි බයික් එකත් රේස් කර කර හේසොක් එනකන් බලන් හිටපු නිසා.


"මොකද යකූ...ඕය පුච්චන්නෙ මයෙ සල්ලී.මට දඩුමොණරෙකට කියලා තියෙන්නෙත් ඔච්චරයි."



"නැගහන් මෙතන පරක්කු වුනා මදිවට..."


යුන්ගි බයික් එකේ ඉදන්ම හෙල්මට් එක දික්කළා.


"භරි ඉතින් අර කියුට් බනී බෝයිට බායි කියලා ආවා විතරනෙ"


දත් තිස්දෙකම පේන්න හිනාවක් දාපු හේසොක් බයික් එකට නැග්ගා විතරයි යුන්ගි හැටට ගැටේ පාගලා යන්න පිටත් උනා.



"ඒ බං මේ.."



යුන්ගි සද්දයක් නැති තැන හේසොක් කතාවක් ඇදලා අරන් මෑන්ස්ව සංසුන් කරන්න හැදුවෙ මේ යන වේගෙට ගියොත් ඒක තමා දෙන්නම යන අවසාන ගමන වෙන්නෙ කියලා තේරුන් අරන්.


".........."



"ආහා...මට දැන්නෙ තේරුනේ..ඔහේට ජෙලිනේහ්..මං ඒ බෝයි එක්ක කතාකරනවට.ඒහ්..ඒහ්.."



යුන්ගිගෙ ඉණෙන් බදාගත්ත හේසොක් ඇස් නටව නටව කියව්වෙ සයිඩ් මිරර් එකෙන් යුන්ගි දිහා බලන්. ඒ සැරේ යුන්ගියෙ රැවිල්ල සයිඩ් මිරර් එකට මාරු වුණේ මිරර් එකත් පුපුරවලා දාන්න වගේ.


Bot BabyOù les histoires vivent. Découvrez maintenant