🤖 02

267 67 14
                                    

"ටං..ට..ටෑ...ං"

හොබී අගුල් බර ගානක් යතුරු දදා ඇරලා අන්තිමට ෆින්ගර් ප්‍රින්ට් එහෙකුත් තියලා ඉවර වෙලා ඇරපු දොර ඉස්සරහා ඉදන් යුන්ගිට ඇතුළට යන්න කියලා අතකුත් දික් කරලා පෙන්නුවෙ එහෙමයි.

"උඹ දැන් මේ මහ රෑ උබේ යකඩ බඩු කඩේට ඇදන් ආවෙ මොකටද කියාන්"

මීට පැයකට කලින් ගෙදර ඇදේ ගෙම්බා පොලේ ගහලා වගේ නිදාගෙන හිටපු යුන්ගිව හොබී ඇහැරවගෙන එක්කගෙන ඇවිත් තිබුනෙ මෙතනට.

"යකෝ මේ මගේ පණ,මගෙ ලැබ් එක.යකඩ බඩු කඩේලු.උබේ මැරිච්ච ගෙම්බොයි , අහක යන එවුන්ගෙ මොළ කෑලියි පිරුණු ලැබ් කටුවට වඩා මේක කොච්චර සිරියාවන්තද බලාන්."

හොබී කුකුල් කොටුව වගේ වයර් එහෙට මෙහෙට ඇදලා තහඩු කෑලි එහෙට මෙහෙට දාලා අඹරලා පටලලා තිබ්බ ලැබ් එකේ කොරවක්කා වගේ තැනින් තැනට පැන පැන ගිහින් දනිපනි ගාලා ලීවර් එකක් ඇද ගත්තා.

ලැබ් එකේ පෝලිමට ලයිට් එක එක පත්තු වෙන්න ගනිද්දි මෙච්චර වෙලා ෆෝන් එකේ ටෝච් එක ගහන් ඉස්සරහට අල්ලන් එළියට වෙලා හිටිය යුන්ගි ලැබ් එක ඇතුලට ආවා.හොබී මොනා කිව්වත් ඕක අස්සෙ නයි පොළොන්ගු පවුල් පිටින් පදිංචි වෙලා ඉන්න බව යුන්ගියා හද පතුලෙන්ම විස්වාස කලා.

"දවල්ට එක්කො ලෙක්චර්ස් නැත්තන් නිදි.ඔක්කොම නැත්තන් අර දඩෝර ගෙදරට වැදිලා දොරවල් ජනෙල් වහගෙන.උබව අල්ල ගන්න හෙන අමාරු පුද්ගලයෙක් වීගෙන එනවා බං"

හොබී ආයිත් පැන පැන ඇවිත් යුන්ගිගෙ කරට අතක් දාගත්‍තා.හොබී යුන්ගිගෙ ගෙදර බෙල් එක උඩ නැගලා නටද්දි නිදිමරගාතෙ දොර ඇරපු යුන්ගිව හොබී බයික් එකට පටවගෙන ලැබ් එකට ගෙනත් තිබුනෙ පිජාමා එක පිටින්මයි.යුන්ගි හීතලේ ගැහි ගැහී අත් දෙක පපුව හරහට බැද ගත්තා.

"ඒකට රෑ ජාමෙ මේ යකඩබඩු ක- නෑ මේ උබේ රත්තරන් රොබෝටික්ස් ලැබ් එකට එක්ක ආවම හරිද"

"අනේ දවල්ට එක්ක එන්න බෑ බං.දන්නවනෙ ජින්කාරයා.වෙන ෆැකල්ටියක එකෙක් මේකට එක්ක ආවා කියලා දැන ගත්තොත් මගේ බෙල්ල ගලවලා දෙයි බොලාගෙ ගෙබි බෝතල් ලගින්ම තියන්න.ඔක්කොමත් හරි ඒකා බනින්න ගියාම.මගේ කර්ණශංඛෙ නම් බෝතලේට දාන්න බැරිවෙයි ඕන්"

Bot BabyTahanan ng mga kuwento. Tumuklas ngayon