"ජන්කුක්, අදුර ගන්න මේ ජිමින්.. ඩේගුවල මගෙ ජීවිතෙන් බාගයක්ම ගෙවුනෙ මේ මනුස්සයා එක්ක මගෝඩි වැඩ කරලා"
ටේහ්‍යුන් ජන්කුක්ට ජිමින්ව අදුන්වලා දුන්නෙ කැෆේ එක වහලා තුන් දෙනා එක්කම බස් හෝල්ට් එකට ඇවිදන් යන අතරතුරේදි.
"ඒයි මමයි හරි නම් ඒ දෙබස කියන්න ඕනා. මෙයා තමා කුප්ප වැඩවලට අහිංසක මාව ඇදන් ගියේ.. හය්යෝ මයෙ ළමා කාලේ......වෙලාවට මෙයාලා සෝල්වල පදිංචියට ආවෙ.නැත්තන් මයෙ ඉතුරු ජීවිත කාලෙත් ඉවරයි."
ජිමින් කිව්වෙ ටේහ්‍යුන්ගෙ පිටට එකක් ගහලා හිනාවෙන ගමන්.එයාලා බස් හෝල්ට් එකේ ටේහ්‍යුන්ව මැදි කරන් වාඩි වෙලා හිටියෙ ජන්කුක්ගෙ බස් එක එනකන්.
"එතකොට ජිමිනී,මෙයා ජන්කුක්. එයා මගේ......."
ටේහ්‍යුන් කියන්න පටන් ගත්තමයි එයා දැක්කෙ ජන්කුක් එයාගෙ ලොකුම ලොකු දිලිසෙන ඇස් දෙක තවත් ලොකු කරන් ටේහ්‍යුන් දිහා බලන් ඉන්න විදිහ.
"ඔව්..ඔයාගේ..?"
ජිමින් දෙන්නා දෙහා ටිකක් වෙලා බලන් ඉදලා හෙමීට ටේහ්‍යුන්ගෙ කනට කරලා ඇහුවෙ මේ යකා ජන්කුක් දිහා බලන් ඉන්නෝ මිසක් වාක්‍ය සම්පූර්ණ කරන අදහසක් අහලකවත් නැති බව තේරිලා.
"මගේ..."
ටේහ්‍යුන් හීනෙන් වගේ උත්තර දුන්නෙ ඒ තරු ඇස්වලින් පොඩ්ඩක්වත් ඇස් අහකට ගන්නෙ නැතුව.
"හ්ම්ම්..?"
ජිමින් කට කොනකින් හිනාවෙන ගමන් හූමිටි තිබ්බෙ වැඩේ තේරිලා.එහෙම කියලා බෙස්ටාට බාල්දියක් නොදා ඉන්න එක එයාලාගෙ පරම පවිත්‍ර මිත්තරත්වයට මෙව්වා එකක්නෙ.නැද්ද මං අහන්නෙ.
"මෙයා මගේ-"
ටේහ්‍යුන්ට ඉතුරු ටික සම්පූර්ණ කරන්න උනේ නැත්තෙ එතකොටම ආපු බස් එක නිසා. ඉක්මනට දෙකට නැවිලා දෙන්නටම ආචාර කරපු ජන්කුක් නැග්ග බස් එක ඈතට ගිහින් නොපෙනී යනකන්ම බලන් හිටිය ටේහ්‍යුන්ගෙ මූණෙ ලාවට හිනාවක් ඇදිලා තිබුණා.
"හ්ම්..හ්ම්..හ්ම්.. මං නැති ටිකට කරගෙන තියෙන හරිය මැදැයි ඔය"
ජිමින් තාමත් බස් එක ගිය දිහා බලන් ඉන්න ටේහ්‍යුන්ට කිව්වෙ ඔළුවටත් එකක් ඇනලා. ටේහ්‍යුන් මොකුත් නොකියා හෙන ගොන් හිනාවක් දැම්මා.

YOU ARE READING
Bot Baby
Fanfiction+බේබී.. - ඒයි මට බේබි කියන එක නවත්තනවා 😤 + ඕකේ බේයි..බි😋 This is a story of A bAbY and HiS BaBy~