🤖 05

237 55 26
                                    

බස් එක වංගුවකින් හැරිලා නොපෙනී යද්දි හති වැඩිකමට දණිස් අල්ලන් බිමට නැවුණ ටේහ්‍යුන් හති අරින්න ගත්තා.ටිකකින් එයා ළඟට ඇවිත් නතර වුණ කකුල් දෙකක් නිසා ඔළුව උස්සපු ටේහ්‍යුන් දැක්කෙ වතුර බෝතලයක් දික්කරන් ඉන්න  ජන්කුකීව.

"කුක්?"

"මැරතන් දුවලා මහන්සි ඇතිනෙ"

ජන්කුක් කුප්ප හිනාවක් දාන් දිව කම්මුල් ඇතුළෙන් රෝල් කරන ගමන් කිව්වෙ බෝතලෙත් වන වන.ටේහ්‍යුන් තාමත් රෑදෙගොඩහ ජාමෙ මොහිනී මතුවෙලා ළමයා වඩා ගන්න කිව්වා වගේ ලුක් එකකින් ජන්කුක් දිහායි බෝතලේ දිහයි මාරුවෙන් මාරුවට බලන් ඉන්නවා.

"බොනවද?නැද්ද?"

"ඇහ්? "

ටේහ්‍යුන් තාම ශොක් එකෙන් මිදිලා නැති වුණත් ජන්මෙන් ආපු පුරුද්දට කටට ආපු එක ඔන්න ඔහේ කියලා දැම්මා.

"අ-අම්..ඔයා කියනවනම් බොමු"

ටික වෙලාවක් තොල හපාගෙන ටේහ්‍යුන් වතුර බොන දිහා බලන් හිටපු ජන්කුක් ඉස්සරහට ඇවිදන් යද්දි ටේහ්‍යුනුත් පස්සෙන් දුවගෙන ගියා. 

දෙපැත්තෙම සකුරා මල් පිරුණ ගස්  මැද්දෙන් එයාලා ඇවිදගෙන ගියා...ඒ යද්දි ටේහ්‍යුන්ගෙ සුලැගිල්ල ජන්කුක්ගෙ සුලගිල්ලෙ පැටලුණු හැටි දකින්නවත්...එයාලා මග දිගට කතා කරපු පුංචි පුංචි රහස් කතා අහන්නවත් කවුරුත් පාරෙ හිටියෙ නෑ...


***


"හේසොකා....දොර ඇරාන්න්න්න්න්... "

"එනවා යකූ මේ එනවා...ඔය දොර කඩන්න එපා."

හොබී නාගෙන තෙත බේරෙන් කොණ්ඩෙ ගස ගස තුවායත් කරේ දාගෙන ඇවිත් දොර ඇරියා.තරමක පෙට්ටියකුත් අතේ තියන් දොර ඉස්සරහ හිටන් හිටියෙ යුන්ගි.

"යුන්ගියා..ඇහ්!!යුන්ගියා!! මේං මට ඇහැරිලාත් හීන පේනවා.නැත්තන් මේ උදේ පාන්දර නැගිටින්නෙ නැති මනුස්සයෙක්ව පෙනෙයියැ!"

"හීනයක් නෙවේ වස්සො.මේ මං.නැගිටින්න නිදා ගන්න එපැයි මං"

යුන්ගි හොබීගෙ කරේ දාන් හිටපු සාළුව අරන් ආයිත් ඒකෙන්ම හොබියාට දමලා ගහලා එයාවත් පාස් කරන් ගේ ඇතුළට ගිහින් සෙටියෙ වාඩි වුණා.

Bot BabyTempat cerita menjadi hidup. Temukan sekarang